සජීවී ලිංගික දර්ශන චීනය ඇතුළු සමාගම්වලට විකිණීම වැඩිවෙලා

ලිංගික අන්තර්ගතයන් සජීවීව පටිගත කර ජ්‍යාත්‍යන්තර සමාගම්ව්ලට අලෙවි කරන තරුණයින් සම්බන්ධ සිදුවීම්වල වර්ධනයක් පවතින බව පොලිසිය පවසනවා.

පොලිසිය විසින් මෑතකදී කරන ලද හෙළිදරව් කිරීම්වලට අනුව, මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් ඒවායේ ලාභදායි ස්වභාවය නිසාම කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි වෙනවා.

මූලික වශයෙන් වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණයින් සම්බන්ධයෙන් සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ගොනු කර ඇති බව පොලිසිය අනාවරණය කර තිබෙනවා.

මෙම පුද්ගලයින් විවිධ සමාගම් විසින් මෙහෙයවන වෙබ් අඩවිවල සජීවී දර්ශන සැසි සඳහා සහභාගී වන අතර එම දර්ශන පටිගත කර අදාළ සමාගම් වෙත විකිණීම සිදු කරන බව සඳහන්.

මෙම වීඩියෝ ක්ලිප් සමහරක් ප්‍රමුඛ පෙළේ අසභ්‍ය වෙබ් අඩවි වෙත ගොස් ඇති බව ද වාර්තා වෙනවා.

මෙම තැතිගන්වනසුලු ප්‍රවණතාවය මැඩපැවැත්වීම සඳහා පොලිසිය සිය උත්සාහයන් තීව්‍ර කර ඇති අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැනටමත් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදු කර තිබෙනවා.

සජීවීව විකාශය වන ලිංගික වීඩියෝ දර්ශන චීන සමාගමකට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළියන්දල පොලිසිය විසින් අනාවරණය කර ගැනීම එහි ආසන්නතම සිදුවීමයි.

සැක කටයුතු අඹු සැමි යුවළක් පිළිබඳ ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි අඹුසැමියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. මෙම අඹු සැමි යුවළ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිට පසුගිය මාර්තු මාසයේදී එම නිවසට පදිංචියට ගොස් ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගෙන තිබෙනවා. පොලිස් වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් අඹුසැමි යුවලක් ද එහි සිට ඇති අතර ඔවුන් මෙම ජාවාරමට සෘජුව සම්බන්ධ වී ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණය වුණා.

විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මේ සඳහා එම සමාගම විසින් රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා මුදලක් ගෙවා ඇති බවයි.

සැකකරුවන් 22, 23, 26 සහ 27 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර කර තිබෙනවා.

මේ අතර, ස්පා සේවා මුවාවෙන් කාන්තාවන් ගණිකා වෘත්තියේ නියැළීමේ සිද්ධීන් ද ඉහළ යමින් පවතින බව යි පොලිසිය පවසන්නේ.

මීට අමතරව, මෙම නීතිවිරෝධී සේවාවන් ප්‍රවර්ධනය කරන වෙබ් අඩවි රාශියක් පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා. මූලාශ්‍රවලට අනුව, සජීවී පැකේජ රුපියල් 2,500 සිට රුපියල් 30,000 දක්වා ගණන් යටතේ පවතී. ශාරීරික හමුවීම් සංවිධානය කිරීම සඳහා ද වෙබ් අඩවි තොරතුරු සපයන අතර එහි පැකේජ රුපියල් 10,000 සිට ආරම්භ වන බව සඳහන්.

ගෙවීම් සිදුවන්නේ eZ Cash හෝ අන්තර්ජාල බැංකු සේවා මඟිනි.

Latest News

More like this

අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා...

ඇමරිකන් බද්ද අඩු කරගන්න ආණ්ඩුවට රනිල්ගෙන් තුරුම්පුවක්..

රී ලංකාවේ අපනයන සඳහා දැනට පනවා ඇති සියයට 30...

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...
error: Content is protected !!