ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රනිල් පාර්ලිමේන්තුවේ දී අභියෝගයට ලක් කරයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව විකෘති එකක් බැවින් එය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, අදාල කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විකෘති තීරණයක් බවයි.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමටද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ජනාධිපතිවරයා අද(18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

“ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති යම් වගන්තියක් ශ්‍රේෂ්ඨාධිකරණය නොසලකා හැර තිබෙනවා. එය කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දස දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ලබා දී තිබූ තීන්දුවක් ඇතුළු සියලු තීන්දු විනාශ කර දමා තිබෙනවා. අගවිනිසුරුවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයට කළ සංශෝධනයක් ද අධිකරණය නොසලකා හැර තිබෙනවා” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණවලට අභියෝග කිරීම වැරදි බවත් ජනාධිපති ධුරය දරන කවර හෝ තැනැත්තෙකුගේ සතුටට හේතු නොවන ශ්‍රේෂ්ධිකරණ තීරණයක් අභියෝගයට ලක් කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය පවත්වාගෙන යාම පවා අනවශ්‍ය දෙයක් වනු ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් යෝජනා කළේ පනත් කෙටුම්පත නැවත තීරණයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම වඩා හොඳ බවයි.

“ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරනවාට වඩා පනත් කෙටුම්පත නැවත තීරණයක් සඳහා යොමු කිරීම වඩා හොඳයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන සෑම තීරණයක් ගැනම සොයා බැලීමට තේරීම් කාරක සභා පත් කිරීම හිතකර දෙයක් නෙවෙයි” මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ ඩලස් අලහප්පෙරුම ද ප්‍රකාශ කළේ ජනාධිපතිවරයෙකුට නඩු තීන්දුවක් අභියෝගයට ලක් කිරීම යහපත් ප්‍රවණතාවක් නොවන බවයි.

Latest News

More like this

අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා...

ඇමරිකන් බද්ද අඩු කරගන්න ආණ්ඩුවට රනිල්ගෙන් තුරුම්පුවක්..

රී ලංකාවේ අපනයන සඳහා දැනට පනවා ඇති සියයට 30...

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...
error: Content is protected !!