ගෝඨාභය ගෙදර යැවූ ජන අරගලයෙන් සන්ධානයක් එළිදැක්වේ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා දමනු ලැබූ ජන අරගලයේ පෙරමුණෙහි කටයුතු කළ පාර්ශ්ව ගණනාවක් සහ වාමාංශික දේශපාලන පක්ෂ එක්ව ගොඩනඟන නව සන්ධානය අද (19දා)එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

නව සන්ධානය අද උදෑසන 10.00ට කොළඹ 07, විජේරාම මාවතේ සිංහ සමාජ ශාලාවේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව අරගලයේ නව සන්ධානය ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලට ඉදිරිපත් වන බව එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සමාජවාදී ජනතා සංසදය, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම අරගලයේ ක‍්‍රියාකාරීන් වූ වසන්ත මුදලිගේ, නුවන් බෝපගේ, ලහිරු වීරසේකර, ස්වස්තිකා
අරුල්ලිංගම්, ආචාර්ය කල්ප රාජපක්ෂ යන අය ඇතුළු පිරිසක් මෙම සන්ධානයට නායකත්වය ලබා දෙනවා.

Latest News

error: Content is protected !!