බත් බුලත් කන එවුන් නම් මේ සැරේ රැවටෙන්න එපා.. – වනවාසී රාහුල හිමි ජනතාවගෙන් ඉල්ලයි

දේශපාලනඥයෝ කරන්නේ මැතිවරණ කාලෙට ජනතාව රවට්ටන එක. මම ජනතාවගෙන් ඉල්ලනවා මේ සැරේ බත් බුලත් කන එවුන් නම් රැවටෙන්න එපා යැ‍යි වනවාසල රාහුල හිමියෝ පවසනවා.

මැතිවරණයක් ආසන්න වන විට සියලු දේශපාලන පක්ෂ විශාල ධනස්කන්ධයක් විනාශ කරමින් විවිධ ස්ථානවල පවත්වන දේශපාලන රැළි, සමුළු, සම්න්ත්‍රණ සියල්ල නතර කර සියලුම දේශපාලන පක්ෂ නායකයින් එක වේදිකාවට කැඳවා ඔවුන්ගේ ප්‍රතිපත්ති විමසීම සිදු කළ යුතුව පවතින බව උන්වහන්සේ දේශනා කර තිබෙනවා.

රාහුල හිමියන් මේ බව ප්‍රකාශ කළේ 18 වන දා ජාතික නාමල් උයනේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුරදීය.

ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නේ නැතුව රටට හිතවත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරගෙන ජාතික ආණ්ඩුවක තුළින් රට සංවර්ධනය කරා ගෙන යා යුතු බව ද උන්වහන්සේ මෙහි දී සඳහන් කළා.

“දැන් ඡන්ද කිට්ටුයිනේ. ඒ නිසා දේශපාලනඥයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න මහන්සි වෙලා දැන් රැස්වීම් තියනවා. සම්මේලන තියනවා. විවිධ ආකාරයෙන් රුපියල් ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා විවිධ ක්‍රියාදාමයන් මේ වන විට බහුලව සමාජය තුළ දකින්න තියෙනවා. ඔය සම්මේලන සාකච්ඡා තියෙන ඒවා ඔක්කොම අනවශ්‍ය වියදම්. එතකොට ඒ මිනිස්සුන්ටකන්න දෙන්න ඕන. බස්වලට සල්ලි දෙන්න ඕන. මත්පැන් දෙන්න ඕන. සමහර අය මුදල් පවා ලබා දෙනවා. රුපියල් 5000 කෑලි ලබා දෙනවා.

හැම පක්ෂයකම දේශපාලනඥයෝ කරන මේ අනවශ්‍ය වියදම් නැති කරලා මේ රටේ තියෙන සියලුම මාධ්‍ය ආයතනවලට එන්න කිව්වා. එක වේදිකාවක් හදා ගත්තා. එක එක්කෙනා මෙන්න මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මෙන්න මගේ ආර්ථික සැලැස්ම. මෙන්න මගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය. අධ්‍යාපනයට කරන්නෙ මේවා. කියන එක කිව්වම මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන්.”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!