මාරාන්තික ‘මස් කන’ බැක්ටීරියාව ගැන කලබල වෙන්න එපා – ලංකාවේ සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලීමක්

Streptococcal Toxic Shock Syndrome(STTS) හෙවත් ‘මස් කන බැක්ටීරියා’ ලෙස හැඳින්වෙන බැක්ටීරියාව ජපානය ඇතුළු රටවල් ගණනාවක පැතිර යාම පිළිබඳ ලාංකිකයන් තුළ ද මේ වන විට බියක් නිර්මාණය වී ඇති පසුබිමක කලබල වීමට හෝ බිය වීමට හේතුවක් නැති බව මෙරට සෞඛ්‍ය බලධාරීන් ජනතාව වෙත පවසා තිබෙනවා.

2024 වසරේ මේ දක්වා ජපානයේ රෝගීන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වාර්තා වීම තුළ මෙරට සෞඛ්‍ය අංශ ඒ පිළිබඳ අවධානය යොමු කර ඇති අතර මේ පිළිබඳ වාර්තා වන තොරතුරු සැලකිමේ දී ශ්‍රී ලාංකිකයන් තුළ බියක් නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා ඇත්තේ රෝගය දරුණු විය හැකි නමුත් එය අලුත් හෝ අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවයි.

“STTS යනු ප්‍රතිකාර කළ හැකි බැක්ටීරියා ආසාදනයක් බව මහජනතාව තේරුම් ගැනීම වැදගත්. මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන ඖෂධවලට ප්‍රතිරෝධී වූ අවස්ථා වාර්තා වී ඇතත්, මෙම අවස්ථා දුර්ලභයි.” වෛද්‍ය ගිනිගේ මහතා සඳහන් කර තිබෙනවා.

Streptococcal Toxic Shock Syndrome හටගන්නේ Streptococcus බැක්ටීරියාවන්ගේ ඇතැම් වික්‍රියා නිසා වන අතර ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් ජීවිතයට තර්ජනයක් වන තත්වයක් දක්වා වේගයෙන් වර්ධනය විය හැකියි. ආරම්භක රෝග ලක්ෂණ අතර උණ,මාංශ පේශි කැක්කුම, ඔක්කාරය සහ වමනය ඇතුළත් වන අතර එය පැය 24 සිට 48 දක්වා කාලය තුළ අඩු රුධිර පීඩනය, ඉන්ද්‍රිය ක්‍රියා විරහිත වීම සහ වේගවත් හෘද ස්පන්දන වේගය වැනි දරුණු සංකූලතා දක්වා වර්ධනය විය වර්ධනය වීමේ ඉඩක් පවතී.

ජපානයේ මෙම බැක්ටීරියාව පැතිර යාම විශේෂයෙන් ටෝකියෝවට බලපා ඇති අතර, එරට වාර්තා පෙන්වා දෙන්නේ එය පෙර වසරවලට සාපේක්ෂව රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් බවයි.

බලපෑමට ලක් වූවන් අතර මරණ අනුපාතය ආසන්න වශයෙන් සියයට 30 ක් ලෙස වාර්තා වන අතර, වයස අවුරුදු 30 ට වැඩි වැඩිහිටියන් වැඩි අවදානමක් සහිත කාණ්ඩයට අයත් වෙනවා.

ගෝලීය සෞඛ්‍ය බලධාරීන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බැවින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නිලධාරීන් සුපරීක්ෂාකාරීව සිටින බවත්, මතුවන ඕනෑම සෞඛ්‍ය තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් වෛද්‍ය ගිනිගේ තහවුරු කරනු ලැබුවා.

“මහජනතාව සඳහා වන ප්‍රධාන පණිවිඩය වන්නේ කලබල වීම නොව, STSS හා සම්බන්ධ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, දැනුවත්ව සිටීම සහ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි” ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

පෙර පුවත් :

ඕස්‍ට්‍රේලියාවේදී ලාංකික මවක් ගොදුරු වූ මස් කන භයානක බැක්ටීරියාව ලෝකය පුරා පැතිර යයි : පැය 48 ක් තුළ මස් දියවී මාරාන්තික වෙයි

දුව බලන්න ඕස්ට්‍රේලියාවට ගිය අම්මාට සම දියවෙන දුර්ලභ රෝගයක්

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!