තමන්ව අත් හැර ගිය අයට පෙරළා ක්‍රෝධ කරන්න හොඳ නෑ.. – හොඳම නිළිය උමාලි කියයි

ඊයේ (25) රාත්‍රී පැවති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම සම්මානයට ලක්වූයේ වොල්ගා කල්පනී (මාණික්කාවත) හා උමාලි තිලකරත්න (පීතෘ) දෙදෙනාය.

මොවුන් වේදිකාවේ සම්මාන ලබාගැනීමෙන් අනතුරුව අදහස් දැක්වීමේ කෙටි අවස්ථාවක් පැවති අතර මයික්‍රෆෝනය සමග එතැනට පැමිණියේ රවීන් කණිෂ්කයි. මෙදින නිවේදකයෙකු ලෙස සාරංග හා රවීන් මාරුවෙන් මාරුවට සිටි අතර සාරංග එම අවස්ථාවේ සිටියේ නැත.

රවීන් උමාලිගෙන් ඇසූ මුල් පැනය සම සම්මාන ලැබීම ගැනයි. එයට පිළිතුරු ලෙස උමාලි, සම්මාන සදහා නිර්දේශවූ සියලු අය දක්ෂයින් බවත් ඒනිසා සම්මාන බෙදීයාම ගැටලුකාරී යයි කල්පණා නොකරන බවත් කියා සිටියාය.

කතාව අවසන් කර ඔවුන්ට අත්පොළසන් පිරිනමා වේදිකාවෙන් පිටව යන්නට අවස්ථාව සැලසූ නමුත් ඒ වෙලාවෙ උමාලි රවින්ට යමක් දන්වමින් ටික වේලාවක් ඉල්ලාගෙන තවත් යමක් පැවසිය යුතු යයි කියමින් කතාවක් කළාය.

එම අවස්ථාවේ වීඩියෝ කොටස පහතින්..

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...