වව්නියාවට භූමි කම්පාවක් – ‘අපි හිතුවා ගල්කොරියක වගේ බ්ලාස්ට් එකක් කියලා’

වව්නියාවේ සිට කිලෝමීටර් 23ක් ඔබ්බෙන් රිච්ටර් මාපකයේ 2.3ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් වාර්තා වූ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තහවුරු කර තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රී 10.55 – 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවයි.

වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවයි.

වව්නියාව ප්‍රදේශවාසීන් භූකම්පනය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කර තිබුණා.

“ළමයි දෙන්නා පාඩම් කර කර හිටියේ. එතපාරම අමුතු සද්දයක් ආවා. මේසේ උඩ තිබුණ ඒවා හෙල්ලිලා ගියා. අපිට ඇත්තටම බය වුණා සෑහෙන්න. විනාඩි 3ක් වගේ තිබුණා.”

“පොළොව යටින් මොකක්ද යනවා වගේ දැනුනේ. මහා විශාල ශබ්දයක් ආවා. නිදාගෙන හිටිය කාමරේ ජනේල් දෙදරුවා. ලොකු දෙදරීමක්…”

“අපි නිදාගන්න ලෑස්තිවෙලා හිටියේ. එකපාරම අකුණු සැරක් වෙගේ සද්දයක් එක්ක ජනෙල් හෙල්ලුණා. පොළොවත් ගොඩක් හෙල්ලුණා. අපි හිතුවා ගල්කොරියක වගේ බ්ලාස්ට් එකක් කියලා.”

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...