ජනපතිගේ ප්‍රකාශය සමස්ත අධිකරණ පද්ධතියටම තර්ජනයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයට සහ සමස්ත අධිකරණ පද්ධතියටම තර්ජනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අවධාරණය කර තිබෙනවා.

පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීම භයානක පූර්වාදර්ශයක් වනු ඇති බව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන නීතිඥ සංගමය පවසනවා.

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අධිකරණයේ ස්වාධීනත්වය සහ බලය හෑල්ලූ කිරීමේ උත්සාහයක් ලෙසයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එම ප්‍රකාශය තනිකරම නිර්මාණාත්මක විවේචනයකින් හෝ සාධාරණ ප්‍රකාශයකින් ඔබ්බට ගොස් තිබෙනවා.

අධිකරණයට ස්වාධීනව හා බාහිර බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව තරයේ විශ්වාස කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...