හිරුණිකාගේ තරුණයෙක් පැහැර ගැනීමේ නඩුවේ තීන්දුව 28 වැනි දා

දෙමටගොඩ වෙළෙඳසලක් තුළ සේවය කරමින් සිටි තරණයකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (19දා) දින නියම කරනු ලැබුවා.

2015.12.21 වැනිදා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් පිරිසක් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වූ ඇයට අයත් ඩිෆෙන්ඩර් රථයක් උපයෝගි කරගනිමින් අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයා පැහැරගෙන ගොස් පහර දී තිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශන උද්ධෘත සලකා බැලූ නීතිපතිවරයා ඇගේ පෞද්ගලික ආරක්ෂකයන් අටදෙනකුට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩු පවරා තිබූ අතර මුල් අවස්ථාවේදීම සෙසු විත්තිකරුවන් වරද පිළිගැනීම නිසා ඔවුනට දඩ වන්දි හා අත්හිටුවූ සිර දඬුවම් ලබාදීමට මහාධිකරණය නියම කොට තිබුණා.

වරද පිළිනොගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කොට තිබුණේ ඉන් අනතුරුවයි.

එම නඩුව ඊයේ (19දා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා විවෘත අධිකරණය හමුවේ වාචික දේශන ඉදිරිපත් කරනු ලැබුවා.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...