පියුමි හංසමාලිගේ බැංකු 8 ක ගිණුම් 19 ක් ගැන හොයන්න අධිකරණ නියෝගයක්

සමාජ මාධ්‍යයන්හි අතිශය ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට අධිකරණය නියෝග ලබා දී තිබෙනවා.

කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට මෙම නියෝගය ලබා දී තිබෙන්නේ පියුමි හංසමාලි සැක සහිත ආකාරයෙන් රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලකට අනුව අධිකරණයට කළ කරුණු දැක්වීමකදීය.

මේ පිළිබඳ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව ඊයේ දිනයේදී කොළඹ අලුත්කඩේ අංක 04ක අධිකරණයට එම කොට්ඨාසයේ ”සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය” විසින් කරුණු දැක්වීමක් සිදු කළා.

එහිදී විමර්ශන නිලධාරීන් පැවසුවේ මෙරට ප්‍රධාන පෙළේ බැංකු 8ක ඇය ගිණුම් 19ක් පවත්වාගෙන යන බවයි.

ඒ අනුව අදාළ ගිණුම්වල වාර්තා කැඳවීමට අධිකරණය විමර්ශන නිලධාරීන්ට අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ ජීප් රථය ඇය රුපියල් ලක්ෂ 780ක් වැය කර එය හිමි පුද්ගලයාගෙන් මිලදී ගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබෙනවා.

ඇය රුපියල් මිලියන 148ක මුදලක් වැය කර කොළඹ 7, වෝඩ් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් ද මිලදී ගෙන ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වනු ලැබුවා.

එම මුදල ඇය විසින් 2023 වසර තුළදී අවස්ථා 15කදී ගෙවා ඇති බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.

පියුමි හංසමාලි සිය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සම පැහැපත් කිරීමට භාවිත කරන ආලේපන නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය දැනුම් දුන්නා.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදුකර කඩිනමින් අධිකරණයට විමර්ශනවල ප්‍රගතිය දැනුම්දෙන ලෙස අධිකරණය විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

Latest News

More like this

LTTE යට උදව් කරපු කැනඩා අමාත්‍ය ගැරී ආනන්ද සංගරී ලොකු අමාරුවක වැටිලා…

එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් සහාය වී ඇති බවට...

බිරින්දෑවරු හා දරුවන්ද ඇතුළුව හිටපු මන්ත්‍රීවරුන්ට කෝටි 218ක විශ්‍රාම වැටුප් ගෙවලා

හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙකු සහ දරුවන් හත් දෙනෙකු...

උඩුකය නිරුවතින් ඇවිද්ද විදෙස් කාන්තාව පිරිමියෙක්

ආරුගම්බේ ප්‍රදේශයේදී උඩුකය නිරුවතින් ඇවිදනු ලැබූ කාන්තාවක් බව පවසමින්...

ලංකාවේ තරුණයින්ට දරු සිහිනය අත් හරින්න වෙයි.. UNFPA වාර්තාව

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් මෑතකදී නිකුත් කරන...
error: Content is protected !!