සුද්ධෝදනගේ ‘පොඩි එකා’ කියා නඩු වැටුණ නතාෂා සහ බෲනෝ නිදහස්

2023 වසරේ අප්‍රේල් පළමු වන දා ඉලක්ක කරගෙන ‘මෝඩාභිමානය’ ලෙස සංවිධානය කර තිබූ ප්‍රහසනාත්මක වැඩසටහනක දී බුදු හිමියන්ට සහ බුදුදහමට අපහාස කරන ලද බවට චෝදනා එල්ල වූ නතාෂා එදිරිසූරිය සහ එම වැඩසටහන සංවිධානය කළ බවට චෝදනා එල්ලවූ බෲනෝ දිවාකාරට එරෙහිව එල්ල කළ නඩුවෙන් ඔවුන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කරන ලෙස ඊයේ (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ආගමික අපහාස කිරීම යටතේ අත් අඩංගුවට ගෙන පසුව ඇප ලබා සිටි ඔවුන්ට එරෙහිව ගොනු කළ
මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තවදුරටත් සාක්ෂ්‍ය නැතැයි නීතිපතිවරයා කර තිබූ දැනුම්දීමක් මත ඔවුන් නිදහස් කර තිබෙනවා.

අප්‍රේල් 01 වනදා ‘මෝඩයාගේ දවසේ‘ කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි පවත්වන ලද ‘මෝඩාභිමානි‘ නම් විකට ප්‍රසංගයේ දී ඇය බුදු රජාණන් වහන්සේගේ ළමා කාලය පිළිබඳ සඳහනක දී “සුද්දෝනගේ කොලුවා” ලෙස හැඳින්වීම සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට හේතු වුණා.

‘මෝඩාභිමානි‘ විකට ප්‍රසංගයේදී ඇය මෙසේ කියා තිබුණා.

“අර සුද්ධෝදනගේ ළමයා ඒ ළමයා ඉපදුනු දවසෙම ඇවිදිනවා. අර සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුන දවසේ කවියක් කියලා. සුද්ධෝදනගේ කොලු පැටියා ඉපදුනු දවසේ කියලා නැහැ දැන්මම තීරණය කරලා තියෙන්නේ එයා ලොකු වෙලා මොනවද කරන්නේ කියලා.

බෞද්ධ බාලිකාව කියන්නේ වර්ජින් ෆැක්ට්රීස්. කන්‍යාවියන්ව නිෂ්පාදනය කරන එක තමයි අපේ ලොකුම ගෝල් එක. ඉස්කෝලෙට එන ළමයි ජීවිතේ වැඩිම කාලයක් කන්‍යාවියෝ විදිහටම තියාගන්න වගබලාගන්න එක තමයි බෞද්ධ බාලිකාවක් කියන්නේ. මුස්ලිම් ත්‍රස්තවාදියෝ ඒගොල්ලෝ පිපිරිලා, දිවි නසාගෙන මැරුනහම ඒගොල්ලන්ට කන්‍යාවියෝ හැත්තෑ දෙකක් හම්බවෙනවනේ.
ඉතින් ඒකෙන් වැඩි කෝටා එකක් කරන්නේ බෞද්ධ පාසල්. ඉතුරු කෝටා එක කන්‍යාරාමයේ. සහජීවනය වෙනුවෙන් කන්‍යාවියන්. “

ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය මාස එකහමාරකට පසු 2022 මැයි 26 වනදා යූටියුබ් ඔස්සේ සමාව ඉල්ලා තිබූ අතර ඒ සම්බන්ධව පළව ඇති වීඩියෝ ඉවත්කර ගෙන තිබුණා.

නතාෂා එදිරිසූරිය බෝධිසත්වයන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අන්දමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධ පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කරන්නට Beyond the struggle ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි කටයුතු කරනු ලැබුවා.

නතාෂා මෙම සිද්ධිදාමය අතර රටින් පළායන්නට උත්සාහ කරන අතර කටුනායකදී ඇය අත්අඩංගුවට පත්වන්නේ එයින් පසුවයි.

ඇයගේ ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව ගණනාවක් කළ පැමිණිලි ඔස්සේ පැමිණිලි යොමුවෙමින් පැවති අවස්ථාවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව දැන්වූ අතර පසුව ඇයට එරෙහිව නඩු පැවරුණා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!