බලගතු පක්ෂවලට ඉදිරි සෑම මැතිවරණයකදීම අභියෝගයක් දෙන්න ‘ජන අරගල සන්ධානය’ සූදානම්

ජන අරගල සන්ධානය අරගලයේ අභිලාෂයන් වෙනුවෙන් කැප වෙමින් ඉදිරි සෑම මැතිවරණයකටම තරග කරන බව ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා පවසනවා.

ඡන්ද 69 ලක්ෂයක ජන වරමක් ලබා 2019 වසරේ දී ජනාධිපති ධුරයට තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් නෙරපා හැරීමට කටයුතු කළ අරගලයේ පෙරමුණ ගත් පාර්ශව කිහිපයක් සහ වාමාංශික දේශපාලන පක්ෂ ගණනාවක් එක්ව ගොඩ නැඟූ ජන අරගල සන්ධානය නම් නව දේශපාලන සන්ධානය එළිදැක්වීම ඊයේ (19) දා කොළඹ 07, විජේරාම මාවතේ සිංහ සමාජ ශාලාවේ දී සිදු වූ අවස්ථාවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අරගලයේ ක‍්‍රියාකාරී වසන්ත මුදලිගේ, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ වී. මහේන්ද්‍රන්, නීතිඥ ස්වස්තිකා අරුල්ලිංගම්, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, ආචාර්ය කල්ප රාජපක්ෂ, සමාජවාදී ජනතා සංසදයේ ධර්මසිරි ලංකාපේලි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව, අරගල ක‍්‍රියාකාරී වීරේ වීරසිංහම්, ස්ත‍්‍රීවාදී සංවිධානයේ සුරේඛා සමරසේන, අරගල ක‍්‍රියාකාරී රාජ් කුමාර් රජීව්ඛාන්, ධීවර සංවිධාන එකමුතුවේ ජූඞ් නාමල්, පරිසර මධ්‍යස්ථානයේ වෑකඳවල රාහුල හිමි, නීතිඥ නුවන් බෝපගේ, ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ නිරෝෂා ගුරුගේ,ලහිරු වීරසේකර, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, වතු
කම්කරු මධ්‍යස්ථානයේ මාක්ස් ප‍්‍රභාකර්, අරගල ක‍්‍රියාකාරිනීනූර් මොරීන්, ප‍්‍රදීපන් ඇතුළු තිස්තුන්දෙනකුගෙන් යුත්විධායක සභාවක් පත්කර ඇති බව ද සංවිධායකයින් පැවසුවා.

“අපට තියෙනවා ඕනෑම ප්‍රතිපත්ති ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් පැහැදිලි වැඩ පිළිවෙලක්. අයි.එම්.එෆ් එකෙන් ඉවත් වෙන්න ඕනද? ඔව්. ඉවත්වෙන්න ඕන. ජාතික ගැටලුවට උත්තරය? ස්වයං පාලනය. අපි ජන අරගල සන්ධානය විදියට ඉදිරි ජනාධිපතිවරණයට මහ මැතිවරණයට දෙකටම ඉදිරිපත් වෙනවා. අරගලයේ අපේක්ෂාවන් ඉදිරියට ගෙන යනවා. අපි රනිල්ට කියනවා ඡන්ද නොතියා වෙට්ටු දාන්න ලෑස්ති වෙන්න එපා.” යැ‍යි දුමින්ද නාගමුව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එහි දී අදහහ් දැක්වූ වසන්ත මුදලිගේ පැවසුවේ මෙවන් අදහසක්.

“රනිල් රාජපක්ෂ ආණ්ඩුව අර්බුදය විසඳනවා කියමින් අර්බුදය උග්‍ර කරනවා. රනිල් බලයට එන විට රටේ ණය ප්‍රමාණය තිබුණේ ඩොලර් බිලියන 84 යි. දැන් ඒක ඩොලර් බිලියන 100කට වැඩි වෙලා. ඒ කියන්නේ මේ වසර දෙක ඇතුළේ රට තවත් වළපල්ලට යවලා. එහෙම තියෙද්දි මතයක් හදන්න හදනවා ආර්ථිකය යථා තත්ත්වයට පත් වුණා කියලා. මුලින් කිව්ව රට වැල් පාලමෙන් එගොඩට අරන් යන්න පොඩි කාලයක් දෙන්න කියලා. අන්තිමට වෙලා වෙලා තියෙන්නේ මොකක්ද? රනිලුයි රාජපක්ෂයි ගජ මිතුරු ධන කුවේරයෝ ටිකයි, අදානිලා, අම්බානිලා වගේ ගෝලීය ධනවතුන් ටිකයි අත් අල්ලාගෙන වැල් පාලමෙන් එගොඩ වෙනවා. ඒ රටේ ජනතාව වැල් පාලමෙන් ආගාධයට ඇද දාලා.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!