මාළිමා රජයක සීසනල් ටුවරිසම් නෑ – දවස් 365 සංචාරකයින් ගේන ඩොලර් මිලියන 8500 ක ආදායමක් උපයන හැටි මෙන්න

ජාතික ජන බලවේගය මේ දිනවල විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයින්,විශේෂඥයින් සමඟ එක්ව රට හදන සැලැස්ම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එම සැලැස්ම අනුව සංචාරක ව්‍යාපාරය ගොඩ නැගීම ප්‍රමුඛ ආර්ථික ඉලක්කයක් බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ රජයක ශ්‍රී ලංකාව දවස් 365 ම සංචාරකයින් පැමිණෙන ගමනාන්තයක් බවට පත්වනු ඇති අතර වසරකට ලක්ෂ 40 ක සංචාරකයින් ගෙන එමින් ඩොලර් මිලියන 8500 ක් සංචාරක ව්‍යාපාරයෙන් උපද්දවන බව ඔහු ප්‍රකාශ කළා.

“ඒක කරන්න පුළුවන්. අපේ සංචාරකයෝ ඇවිත් රාත්‍රීන් 12 ක් විතර ගත කරනවා. හැබැයි වියදම් කරන මුදල අතිශයින් අඩුයි. ඩොලර් සාමන්‍යයෙන් 120 ක් විතර. ඊටත් වඩා අඩුද මන්දා. හැබැයි තායිලන්තයට ගියාම ගොඩක් දවස් ඉන්නෙ නෑ. දවස් තුනයි හතරයි. මැලේසියාවේ ඊටත් අඩුයි. හැබැයි එක දවසට වියදම් කරනව ඩොලර් විශාල ප්‍රමාණයක්. ඩොලර් 400-500 වියදම් කරනවා. අපි ගෙන්නගන්න ඕන කරල තියෙනව අන්න එහෙම අත දිග ඇරල වියදම් කරන්න පුළුවන් සංචාරකයෝ. ඒකට වැඩ පිළිවෙලක් ඕන”

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අත් නොදුටු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

සම්පූර්ණ කතාව මෙතැනින්:

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...