හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිය සිසිල් බීම ව්‍යාපාරය ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයට ද ව්‍යාප්ත කරමින්, Chamarajanagar දිස්ත්‍රික්කයේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඔහු ඒ වෙනුවෙන් රුපියල් කෝටි 1,400 ක් ආයෝජනය කරන අතර ඔහුගේ ආයෝජන ඉදිරියේ දී Dharwad වෙත ද ව්‍යාප්ත කරන බව කර්නාටකයේ කර්මාන්ත අමාත්‍ය එම්බී පටිල් මහතා පවසා තිබෙනවා.
X සටහනක් තබමින්, පටිල් මහතා පවසන්නේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව Chamarajanagar දිස්ත්‍රික්කයේල් සංවර්ධනය වෙමින් පවතින බවයි.
“ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අපේ ප්‍රාන්තයට ව්‍යාපාර පුළුල් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් විශ්‍රාම ගැනීමෙන් පසු දැන් ව්‍යවසායකයෙකු වන අතර ඔහු තම මව්බිමේ සිසිල් බීම නිෂ්පාදන කම්හලක් ආරම්භ කර ඇති අතර දැන් ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා අපගේ ප්‍රාන්තය තෝරගෙන තිබෙනවා.”
රු. කෝටි 1,000 ක නිෂ්පාදන පහසුකමක් දැනට Chamarajanagar දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙමින් පවතින අතර ආයෝජනය රු. කෝටි 1,400 කි.
වාර්තාවලට අනුව, මුත්තයියාගේ සිසිල් බීම සමාගමට අක්කර 46 ක් දැනටමත් වෙන් කර ඇති අතර, කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් 2025 ජනවාරි වන විට ආරම්භ වීමට නියමිතයි.
‘මුත්තයියා බීම වර්ග සහ රසකැවිලි නිෂ්පාදන’ නමින් බීම සහ රසකැවිලි නිෂ්පාදනය කිරීමට මෙමඟින් අපේක්ෂා කරනවා.