විපක්ෂයෙන් ලබා නොදුන් කාලය ෆොන්සේකාට රාජ්‍ය අනුග්‍රහය ඇතිවම ආණ්ඩුවෙන් ලැබේ

‘මේ රට ගොඩනගන්න හොඳ නායකයෙක් එන්න ඕන.පක්ෂ නායකයෙක් වුණු පළියට හරි තාත්‍තා ජනාධිපති වුණු පළියට හරි නෑකම් කිව්ව පළියට හරි,පක්ෂවල උරුමය තිබුණ පළියට හරි ඒ මිනිස්සුන්ට මේ රට භාර දුන්නොත් මේ රට අනිවාර්යයෙන් විනාශය කරා ගමන් කරනවා’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෝන්සේකා මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමින්.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව ඇමතීමට තමාට ඇති අවස්ථාව අහිමි කරමින් පවතින බවත් ඒ සඳහා ඔහු ඒ සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් වේලාව ඉල්ලා සිටි අවස්ථාවේ ජනාධිපතිවරණයේ දී වැඩ කරන්නේ සජිත් ප්‍රේමදාසට ද යන්න තමන්ගෙන් විමසා සිටි බව ඔහු සඳහන් කළා.

කිසියම් නායකයෙකුට කඩේ යාම අනුව පාර්ලිමේන්තුවේ සෑම දිනකම එකම මන්ත්‍රීවරු පිරිසක් කතා කරමින් සිටින බවත් පාර්ලිමේන්තුව අමතන වේලාවන් සාධාරණව බෙදී යාම පිළිබඳ වැඩපිළිවෙළක් යොදන ලෙස ද සරත් ෆොන්සේකා මහතා මෙහි දී අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් තමාට විපක්ෂයෙන් නොලැබුණු කාලය රාජ්‍ය අනුග්‍රහය ඇතිව ආණ්ඩු පක්ෂයෙන් ලබා ගත් බව ද ඔහු සඳහන් කර සිටියා.

“අරහෙ මෙහේ ගිහින් මොනා හරි බෙදලා කයිවාරු ගහන නායකයෝ නෙවෙයි.ඒ බෙදන්නෙ කාගෙ සල්ලිද ජාවාරම්කාරයින්ගේ සල්ලි.කැසිනෝකාරයින්ගේ සල්ලි”

සම්පූර්ණ කතාව සඳහා පිවිසෙන්න.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...