ඔයාට එක පාරක් එපා නම් අපට ඔයා සිය පාරක් එපා.. – බැසිල්ගේ රතු කට්ට පනී

රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගෙන් තොර පුළුල් සන්ධානයක් සඳහා පොදු ජන පෙරමුණට අනෙකුත් පක්ෂවලින් සහ කණ්ඩායම්වලින් ප්‍රබල ඉල්ලීමක් ඇතැයි එම පෙරමුණෙන් වෙන් වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා දැඩි කෝපයට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බැසිල් රාජපක්ෂ මහතා ද එකට සහභාගී වූ හමුවක දී ප්‍රසන්න රණතුංග මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම අවස්ථාවේ “ඔයාට අපිව එක පාරක් එපා නම් අපිට ඔයාව සිය වාරයක් එපා” යැයි ජනපති ඉදිරියේම බැසිල් ප්‍රසන්නට බැණ වැදුණු බවයි.

එහිදී ඔහු තම පක්ෂයෙන් කැඩී ගොස් මේවන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය දක්වන කණ්ඩායමට ඇඟිල්ල දිගු කරමින් රාජපක්ෂවරුන් කිසිදු පීඩනයකට යටවීමට සූදානම් නැති බව පවසා තිබෙනවා.

දැඩි ලෙස කෝපයට පත් වූ බැසිල් මෙහි දී පවසා ඇත්තේ තමා මෙම රැස්වීමට සහභාගී වූයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැඩී ගිය කණ්ඩායම් නියෝජිතයින් මෙන්ම මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද පැමිණ සිටීම පිළිබඳව ඔහු දැඩි අප්‍රසාදය පළකර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ එහි කැඩී ගිය කණ්ඩායම් සමඟ ගණුදෙනු කරන්නේද යන්න තීරණය කිරීම ජනාධිපතිවරයාට විවෘත තීරණයක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...