කෙටි කලකින් සල්ලි උල්පතක් වූ පියුමිගේ ‘ලොලියා’ ගැන ප්‍රබල සැකයක්

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මෑතක දී වෙළඳපොළට හඳුන්වා සම පැහැපත් කිරීමේ ආලේපන සන්නාමය වන ‘ලොලියා’ ආයතනය මගින් සිදුකර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

පියුමි හංසමාලිගේ “LOLLIA” Skin Care (Pvt) Ltd. ආයතනය මගින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම අදාළ ව්‍යාපාරය මගින් විදේශ ආනයන හා අපනයන සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් එලෙස විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා තිබුණා.

පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළ නවීන පන්නයේ මෝටර් රථ, අධි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන හෙයින් ඇය නීති විරෝධී ක්‍රියාවන් සිදුකර මෙම මුදල් උපයා ගත්තේද යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මුහුණ ඇතුළු සම සුදු කරන ආලේපන අලෙවි කරන ව්‍යාපාරයක් වන පියුමි හංසමාලිගේ ‘ලොලියා’ ආයතනය සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ටාර් කාර්යාලය මගින් එම ව්‍යාපාරයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් වාර්තා ලබාගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෙම සිද්ධීන් පිළිබඳව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට නියම කරනු ලැබුවා.

මේ අතර මාධ්‍ය කළ විමසීමක දී පියුමි හංසමාලි පවසා ඇත්තේ අධිකරණය මඟින් සිය බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!