කරණීයමෙත්‍ත සූත්‍රය DJ කානිවල් එකක් කරපු අයට සෙල්ලම් වෙන්නෙ නෑ

බුදුන් වහන්සේ දේශනාකළ ඉතා බලගතු සූත්‍ර දේශනයක් වන කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර එයට සංගීත රිද්මයක් එක් කිරීම බෞද්ධ සම්ප්‍රදායන්‍ට සිදු කළ දැඩි නිග්‍රහයක් බවත් වහාම එම පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි මහා සංඝ රත්නය ඇතුළු ගිහි සමාජයෙන් ඉල්ලීම් රැසක් මතුව තිබෙනවා

ආන්දෝලනාත්මක වීඩියෝව කෘතිම බුද්ධිය (AI) යොදාගෙන සකස් කර ඇති අතර එය මේ වනවිට ප්‍රචාරණය වන්නේ ෆේස්බුක් සහ ටික්ටොක් සමාජ මාධ්‍යන් ඔස්සේයි.

මේ පිළිබඳ ලැබී ඇති පැමිණිලි සලකා බලමින් එය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් ඊයේ (20 ) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති පුද්ගලයින් කවුරුන්දැයි සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...