නිලධාරීන්ගේ වැඩවලින් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 3,416 අලාභයක් – කෝප් කමිටුවෙන් චෝදනා

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේකය නිකුත් කිරීමට වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් 2014 – 2022 කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන. 3,416 ක අලාභයක් සිදුකර ඇති බවත්, ඒ අනුව මහා පරිමාණ වංචාවක් සංස්ථාව වෙත සිදු කිරීම සම්බන්ධයෙන් අළෙවි අංශය වගකිව යුතු බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 19 වැනි දාල් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරුණා.

සංස්ථාවේ නිලධාරීන් මෙවන් වංචා සිදු කිරීම පිළිබඳව කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් විසින් මෙහි දී සිය අප්‍රසාදය පළ කර සිටියා.

තවද, මෙම වංචා සඳහා සංස්ථාවේ අභ්‍යන්තර නිලධාරින් පැහැදිලිවම වගකිව යුතු බව පෙන්වා දුන් කාරක සභාව ඒ සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසීම් කරනු ලැබුවා.

එසේම එම වංචාව සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 7ක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කර තිබෙනවා.

තවද, බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

නිලධාරින් විසින් සිදු කර ඇති මෙම ගෙවීම හේතුවෙන් මේ වන විට පාරිභෝගිකයා විසින් 92 පෙට්‍රල් ලීටරයකට සඳහා රුපියල් 5.85ක්ද, 95 පෙට්‍රල් ලීටරයට සඳහා රුපියල් 7.50ක්ද, LED සඳහා රුපියල් 5.88ක්ද, LSD සඳහා රුපියල් 6.96 ක මුදලක් ද වැඩිපුර ගෙවන බව මෙහිදී තවදුරටත් අනාවරණය කෙරුණා.

එමෙන්ම 2022 වර්ෂය සඳහා වැඩිපුර ගෙවූ කොමිස් මුදල අලෙවි වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම පිළිබඳවද මෙහිදී විමසම් සිදු කර තිබෙනවා.

ඒ අනුව, මෙම වැඩිපුර ගෙවීම් අයකර ගැනීම් සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින් පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කමිටුව විමසීම් කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් මේ වන විට මෙරට නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, යූ කේ සුමිත් උඩුකුඹුර, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන් සහ මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටයා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!