කොළඹ 07 එපාර්මන්ට් එකට පියුමි මාස අටක් තුළ ලක්ෂ 1480 ක් ගෙවලා. අන්තිම වාරිකේ රෙඩ්කෑෂ් ලක්ෂ 300යි – සංජය මහවත්තගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක්

නිරූපන ශිල්පීනි පියුමි හංසමාලි වෙත මෙරට බැංකු අටක ගිණුම් 19 ක් තිබෙන බව අනාවරණය කරනු ලැබුවේ ඒ පිළිබඳ සියලු කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව බවත් එම කරුණු අසත්‍ය බව තහවුරු වුවහොත් තමා නිරත සිවිල් සමාජ ක්‍රියාකාරකම්වලින් සදහටම සමුගන්නා බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පවසනවා.

පියුමි හංසමාලි මෑතකාලීනව උපයාගත් වත්කම් ගණනාවක් උපයාගත් ආකාරය සැක සහිත බවත් ඒ සඳහා වහාම විමර්ශනයක් කරන ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත විසිනි.

ඒ අනුව මේවන විට ඇගේ බැංකු ගිණුම් 19 ක් සහ ඇය එම මුදල් රැස් කරගත් බව කියන LOLLIA Skin Care (Pvt) Ltd ආයතනය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර සංජය මහවත්‍ත යු ටියුබ් නාළිකාවක් හා එක් වෙමින් පියුමි මෑතකදී අයිතිය ලබා ගත් වත්කම් කිහිපයක් හිමි කරගත් ආකාරය පිළිබඳ සුවිශේෂී අනාවරණයක් කර තිබෙනවා.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ ලක්ෂ 800කට ආසන්න රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි මිලට ගත් ආකාරය පැහැදිලි කරමින් ඔහු පවසන්නේ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයකුටවත් වසර පහක් වැනි කාලයකින් එවැන්නක් සිදු කළ නොහැකි බවයි.

“මැණික්කාරයෙක් වුණත් දෙපාරක් හිතනවා ලක්ෂ 780 ක් වටින රේන්ජ් රෝවර් එකක් මිලට ගන්න. පියුමි අවුරුදු තුනක් වගේ කෙටි කාලෙකින් තමයි මේ දේපළ ඔක්කොම හම්බකරගෙන තියෙන්නෙ. කොළඹ 12, වික්‍රමරත්න පුද්ගලික සමාගමෙන් තමයි මේක අරගෙන තියෙන්නෙ. 2023.03.07 ප්‍රගීත් කියන කෙනා එක්ක මේක බලලා ලක්ෂ 5 ක ඇඩ්වාන්ස් එකක් දුන්නා. පස්සෙ ලක්ෂ 50 ඒවා දෙකක්. කල්බදු වාරිකෙට ලීසිං එකක් දාලා අරන් තියෙන්නෙ වැලිබල් ෆිනෑන්ස් ආයතනයෙන්. පියුමි නෑ කියනව නම් මං චැලෙන්ජ් එක භාර ගන්නව. සිවිල් ක්‍රියාකාරකම්වලින් මං සම්පූර්ණයෙන් අයින් වෙනවා.

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්ස් එකෙන් කොළඹ 07 න් ගන්න එපාර්ට්මන්ට් එක මිලියන 148යි. 2023.04.25 මිලියන 5 යි, 2023.04.27 මිලියන 8 යි, 2023.05.08 මිලියන 2 යි, 2023.12.27 වෙද්දි සම්පූර්ණ මිලියන 148 ම ගෙවල ඉවර කරනවා. අන්තිම දවසෙ රෙඩ්කෑෂ් මිලියන 30 ක් ගෙවල තියෙනවා. වාරික 15 කට ගෙවලා තියෙන්නෙ.

එවැනි විශාල ධනස්කන්ධයක් ක්‍රීම් බිස්නස් එකකින් උපයාගත නොහැකි බැවින් පියුමි ක්‍රීම් සමඟ කරන අනෙක් ව්‍යාපාරය කුඩු, අයිස් හෝ ගණිකා ව්‍යාපාරය අතරින් කුමක් දැයි වැඩසටහන අතරතුර විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මහවත්ත සඳහන් කළේ එය රට හමුවේ හෙලි කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවයි.

Bhagy’s Whitening Face Cream

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!