ඉදිරියේ කවර රජයක් පත්වුවත් ඉන්දීය ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට යා යුතුයි – ඉන්දීය විදේශ ඇමති ජයශංකර්

ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයක් අභිමුව සිටින බැවින් ඉදිරියේ දී කවර රජයක් පත්වුවත් ඉන්දියාවෙන් අරමුදල් සපයන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති අඛණ්ඩව පවත්වා ගත යුතු බව ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසා තිබෙනවා.

ඔහු මෙම සංචාරය අතරතුර ජනපති අගමැති හමුවී ද්විපාර්ශවික සබඳතා පැවැත්වු අතරම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවුණා.

එම රැස්වීම්වලදී, ඔහු විශේෂයෙන් සූර්ය ව්‍යාපෘති, ජාල සම්බන්ධතා ව්‍යාපෘතිය සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත තෙල් නළ මාර්ගය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන සඳහන් කර තිබෙනවා

එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව එන ඕනෑම රජයක් යටතේ මෙම ව්‍යාපෘති අඛණ්ඩව සිදු කිරීමට වග බලා ගත යුතු බව ඔහු එහි දී අවධාරණය කළා.

තතු දත් මූලාශ්‍රයකට අනුව, ඉන්දීය අමාත්‍යවරයා මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට ප්‍රයෝජනවත් වන බව සඳහන් කර තිබෙනවා.

යෝජිත තෙල් නළ මාර්ගය ගැන සඳහන් කරමින්, ඉන්දියාව නේපාලය සහ බංග්ලාදේශය සමඟ සමාන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත්, ශ්‍රී ලංකාව එවැනි සම්බන්ධතාවයක කොටසක් වීමට කැමති බව ද පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබෙන බව පවසමින් ඔහු අදානි බල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා ඇති බව සඳහන් වෙනවා.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...