දකුණු අත කරන්නේ කුමක්දැයි වම් අත නොදැන සිටි යුතු බව යේසුස් වහන්සේ ප්‍රකාශ කළා – මෛත්‍රීට පල්ලියෙන් පිළිතුරක්

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ලබාදීමට විවිධ මූලාශ්‍රවලින් ලැබුණු මුදල් ඔවුන්ට ලබාදී නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිරිසේන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පල්ලිය විසින් දැනටමත් රු.මිලියන 500 ක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට වන්දි ලෙස ප්‍රදානය කළ බව කතෝලික ජන සන්නිවේදන, ජාතික අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් සඳහන් කළා.

“ශ්‍රී ලංකා කතෝලික සභාවේ සමාජ සේවා අංශය වන ‘සෙත් සරණ’ හරහා අපි මෙම මුදල් ලබාදී තිබෙනවා. ඔබේ දකුණු අත කරන්නේ කුමක්දැයි ඔබේ වම් අත නොදැන සිටිය යුතු බව යේසුස් පැවසුවා. ඒ නිසා අපි අපේ ක්‍රියාවන් ප්‍රසිද්ධ කරන්නේ නැතිව රහසේ සිදු කරනවා.”

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවන් සඳහා මුදල් බෙදා දුන් අයගේ නම් ලැයිස්තුවක් පල්ලියට ඉදිරිපත් කළ යුතු බව පසුගිය දා හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.

Latest News

error: Content is protected !!