ආපදාවලින් විනාශ වූ නිවාසවලට උපරිම වන්දියක් හෝ අලුතෙන්ම නිවසක්

පසු ගිය දා ඇති වූ හදිසි ගංවතුර ඇතුළු ස්වභාවික ආපදා හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් දීමට හෝ එම නිවාස නැවත ඉදි කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීම සම්බන්ධයෙන් ජුනි මස 20 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.

අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කරගැනීම සඳහාද සිදු වී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් දීමට පියවර ගන්නා බව ද සාගල රත්නායක මහතා මෙහි දී සඳහන් කර සිටියා.

පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ තද සුළං, ගංවතුර හා පස්කඳු කඩාවැටීම් වැනි ස්වාභාවික ආපදා නිසා හානි වූ නිවාස නැවත ඉදි කර දීම හෝ උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් දීම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

පූර්ණ වශයෙන් හානි වූ නිවාස සඳහා ප්‍රතිලාභීන්ගේ එකඟතාව මත යම් උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් දීමට හෝ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නිවාස කඩිනමින් ඉදි කර දීමටත්, අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කරගැනීම සඳහා සිදු වී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් දීමටත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ස්වාභාවික ආපදා හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් දෙන ලෙස මෙහිදී සාගල රත්නායක මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!