ඉන්දියාවේ කුරුළු උණ – අවධානෙන් සිටින ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවටත් උපදෙස්

අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇතැයි වාර්තා වෙනවා.

මෑතකදී ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ආසාදනය වූ දරුවකු වාර්තා වූ අතර එම දරුවා 2019 වසරෙන් පසුව ඉන්ෆ්ලුවෙන්සා ඒ (එච්.9.එන්.2) වෛරසය අසාදනය වූ දෙවැනි රෝගියා ලෙසයි වාර්තා වන්නේ.

වත්මන් තත්වය මත ශ්‍රී ලංකාවට එච්5, එච්7 සහ එච්9 ආසාදනය වූ කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසා තිබෙනවා.

මිනිසුන්ට කුරුළු උණ රෝගය ආසාදනය වීම දුර්ලභවුවත් සතුන් සමඟ සිටින පුද්ගලයන්ට අවදානමක් තිබෙන බවද වෛද්‍යවරයා පවසන්වා.

රෝගය ආසාදනය වීමෙන් වැලැකීමට සතුන් සමඟ ගැවසෙන පුද්ගලයන් නිතරම දෑත් සබන් යොදා සෝදන ලෙසත් ආරක්ෂක උපකරණ පළඳින ලෙසත් උපදෙස් ලබා දී තිබෙන බව වෛද්‍ය ජූඩ් ජයමහ වැඩිදුරටත් පවසන්නේ.

පක්ෂීන් මගින් බෝවන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් ඇතිවන කුරුළු උණ වෛරසය අනෙක් සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය වෙනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!