රමේෂ් විසි වේ – රාජිතට සෞඛ්‍ය අමාත්‍ය ධුරය හිමිවෙයි

එළැඹෙන මාසයේ පළමු සතිය තුළ සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ තනතුරු රැසක වෙනස්කම් සිදුවනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

රාජිත සේනාරත්න මහතා මෙම මස අවසානයේ දී ස්ථිරවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වනු ඇති වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉල්ලා අස්වී රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා.

පසුගිය කාලයේ විවිධ හේතුමත පළිගැනීම්වලට ලක් වූ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අයට සුදුසුකම් මත අදාළ තනතුරු ලබා නොදීම සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ ආණ්ඩු පක්ෂය තුළ දැඩි විවේචනයක් පවතී.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධූර, වෛද්‍ය සැපයුම් ඒකකය,ඖෂධ නියාමන අධිකාරිය,වෛද්‍ය පරීක්ෂණ ආයතනය,රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ආයතන රැසක තනතුරුවල වෙනසක් සිදු වීමට නියමිත බව ද සඳහන් වෙනවා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...