ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තුවෙන් ඉන්න අයට නරක ආරංචියක්

2024 පළමු මාස හතර තුළ ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ප්‍රදානය කිරීම සැලකිය යුතු මට්ටමකින් පහළ හෙළා ඇති බව එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පසුගිය අප්‍රේල් මාසය වන විට ශිෂ්‍ය වීසා ප්‍රදානය තුනෙන් එකකින් පමණ අඩු වී ඇතැයි සඳහන් වෙනවා.

මෙම මාසයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ජ්‍යාත්‍යන්තර අයදුම්කරුවන්ට ලබා දී ඇති වීසා ප්‍රමාණය 74,421ක් වන අතර එය 30%ක අඩු වීමක් පෙන්නුම් කර තිබෙනවා.

2023 එම කාල වකවානුවේ වීසා එක්ලක්ෂ හාරදහසක් ඉක්මවා ගොස් තිබුණා.

මෙම වසරේ මුල් මාස හතර තුළ මෙම පහත වැටීම කොවිඩ් වසංගත සමයේ ජ්‍යාත්‍යන්තර ශිෂ්‍යයන්ට ලබා දුන් වීසා ප්‍රමාණයට පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

වසරේ මෙම කාර්තුව තුළ වෘත්තිය අධ්‍යාපන,තෘතියික අධ්‍යාපන, පුහුණු සහ භාෂා පුහුණු අංශවලින් ලබා දුන් ශිෂ්‍ය වීසා මෙසේ අඩු වී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

ඕස්ට්‍රේලියාවේ මේ වන විට පනවා ඇති නව සංක්‍රමණික නීති අනුව අනාගත සිසුන්ට වැඩි මුදල් ඉතුරුම් මට්ටමක්, ඉහළ ඉංග්‍රීසි ප්‍රමිතාවයක් මෙන්ම අධ්‍යාපනයේ සැබෑ අවශ්‍යතාවක් පවතී ද යන්න පපරීක්ෂා කරන පරීක්ෂණයකට ද මුහුණ දීමට සිදු වන බව වාර්තා වෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...