පොසොන් පෝය දා පාසල් දැරියකට අහස පොළොව නුහුලන අපරාධයක්

පොසොන් පොහොය දා එනම් ඊයේ (21) දිනයේ පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ කොස්ගම පදිංචි 17හැවිරිදි පාසල් සිසුවියක්.

උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් පසුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පවසා ඇති ඇය සිය පෙම්වතා හමුවීමට ගොස් තිබෙන බව පොලීසිය පවසනවා.

ඉන්පසු සිය නිවස බලා පැමිණෙමින් සිටියදී හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පාළු සුසාන භූමියකට තමා බලහත්කාරයෙන් රැගෙන ගොස් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දූෂණයට ලක්කළ බවට ඇය හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ් අනුව දැරිය ඊයේ රාත්‍රියේ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට යොමුකළ පොලීසිය පසුව ඇයව ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති හංවැල්ල පොලීසිය එහි ප්‍රධාන සැකකරු බවට පැවසෙන 21ක් හැවිරිදි තරුණයෙකු අද (22) උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සිව්දෙනා සොයා මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...