මෙහෙකරුවන්ට වඩා බල්ලන්ට සැලකූ බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුල හිරේ වැටේ

ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි සිය නිවහනේ සේවය සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ගත් කාර්ය මණ්ඩලය සූරාකෑම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ධනවත්ම පවුලේ සාමාජිකයින් හතර දෙනෙකුට සිර දඬුවම් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ප්‍රකාශ් සහ කමල් හින්දුජා මෙන්ම ඔවුන්ගේ පුත්‍රයා වන අජේ සහ ඔහුගේ බිරිඳ නම්රතා ඇතුළු බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුල වන හින්දුජා පවුලේ සිව්දෙනෙක් සූරාකෑම සහ නීති විරෝධී ලෙස රැකියාගත කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත අධිකරණයක් විසින් වරදකරුවන් වූ අතර ඔවුන්ට වසර හතරේ සිට හතරහමාරක් දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෝ සඳහන් කර තිබෙනවා.

ඔවුන්ගේ මව්බිම වන ඉන්දියාවෙන් ගෙන්වා ගත් කම්කරුවන් තිදෙනෙක් සඳහා සතියේ දින හතම වැඩ කරන අතර පැය 18ක වැඩ කළ පැය ගණනට ඔවුන් ගෙවා ඇත්තේ පවුම් 7ක් (ඩොලර් 8) ක ඉතා සොච්චම් වැටුපක් ගෙවා ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් සේවකයින්ට වඩා ඔවුන්ගේ බල්ලා වෙනුවෙන් වියදම් කළ බවට ඔවුන් චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන්ගේ සුරතල් බල්ලා සඳහා වාර්ෂිකව ස්විස් ෆ්‍රෑන්ක් 8,584ක් (පවුම් 7,615) වෙන් කරන බව අධිකරණය හමුවේ අනාවරණය කෙරුණා.

ජාත්‍යන්තර සංවිධානවල මෙන්ම ලෝකයේ ධනවතුන්ගේ කේන්ද්‍රස්ථානයක් වන ස්විස්ටර්ලන්තයේ ජිනීවා සේවකයන්ට සිදුවන අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් අවධානයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ.

පසුගිය වසරේ, පිලිපීනයේ ගෘහ සේවිකාවන් හතර දෙනෙකු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයකට එරෙහිව නඩුවක් දියත් කළේ තමන්ට වසර ගණනාවක් වැටුප් නොගෙවූ බව පවසමිනි.

හින්දුජා පවුලට තෙල්, ගෑස් සහ බැංකුකරණය පිළිබඳ බහුජාතික සබඳතා හිමි හින්දුජා සමූහය හිමි වන අතර
මෙම පවුලට හිමි ධනස්කන්ධයට ලන්ඩනයේ රැෆල්ස් හෝටලය ද හිමියි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...