අරුන් සිද්ධාර්ත් දොලොවක් අතර : ඊයේ රනිල් ළඟ අද දිලිත් ළඟ

දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රිකයේ ප්‍රධාන සංවිධායක ධුරය සහ එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස අරුන් සිද්ධාර්ත් මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ පත්වීමේ ලිපිය දිලිත් ජයවීර මහතා අතින් අරුන් සිද්ධාර්ත් මහතා වෙත අද (22) පිරිනමා තිබෙනවා.

දේශපාලනයේ පිට කවරය නොකියවූ පොතම කියවූ අරුන් සිද්ධාර්ත් ව්‍යවසායකත්ව රාජ්‍යයකට ගමන් කරන මව්බ්ම ජනතා පක්ෂයට සම්පතක් බව මෙහි දී මාධ්‍ය අමතමින් දිලිත් ජයවීර මහතා සඳහන් කළා.

ඔහු පසුගිය මාර්තු මස 21 වැනිදා යාපනයේ චෙල්වම් උත්සව ශාලාවේ පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්‍ත්‍රික් සංවිධායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා අතින් පත්වීමේ ලිපිය ලබා ගෙන තිබුණා.

රට වැටී ඇති අගාධයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍ය සහයෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත තමන් ලබා දෙන බව එහි දී අරුන් සිද්ධාර්ථන් පැවසුවා.

කෙසේවෙතත් ඔහු මේ වන විට පවසන්නේ ඔවුන්ගේ දේශපාලනය සම්ප්‍රාදයික එකක් බවයි.

අරුන් සිද්ධාර්ත් මහතා 2020 වසරේ පැවැති මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස මැතිවරණ කටයුතුවල නිරත වුණා.

ඔහු කලෙක යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා ඔහු බව සඳහන් කර තිබුණා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...