AI යොදාගෙන අනුරගේ වීඩියෝ යූ ටියුබ් එකෙන් ගලවන්න ආණ්ඩුව කරන රහස් මාධ්‍ය මෙහෙයුම හෙළි වේ – ජනාධිපතිවරණයට කලින් AI අනුර කෙනෙක් හදන්නත් ඉඩ ඇති බවට සැකයක්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී AI තාක්ෂණය යොදා ගනිමින් අනුර කුමාර දිසානායක මහතාගේ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික විජිත හේරත් මහතා අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව Al තාක්ෂණය මෙහෙයවන නවතම මෘදුකාංග ඇතුළත් පැකේජයක් මිලදී ගනිමින් අනුර කුමාර දිසානායක මහතාගේ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන මාධ්‍ය මෙහෙයවන කණ්ඩායමක් විසින් රහස් සාකච්ඡාවක් ද පවත්වා ඇතැයි ඔහු අනාවරණය කළා.

ඔහු මෙම හෙළිදරව්ව සිදු කර ඇත්තේ යූ ටියුබ් නාළිකාවක් සමඟ පැවති සංවාදයක් අතරතුරදීය.

“ආණ්ඩුව මෙහෙයවන කණ්ඩායමක් මේ පිළිබඳ සාකච්ඡාවක් කරලා තිබුණා. AI තාක්ෂණය යොදාගන්න අලුත් සොෆ්ට්වෙයාර් පැකේජ් එකක් ඔවුන් අරගෙන තිබුණා. එතන දි සාකච්ඡා වෙලා තිබුණා අනුරගේ ක්ලිප් ගලවන්නෙ කොහොමද කියලා. එෆ්බීවලට දාන යූ ටියුබ් එකට දාන ක්ලිප් කොහොමද අයින් කරන්නෙ කියලා. ඒකට විරුද්ධ ක්ලිප් හදලා දාන්නෙ කොහොමද කියලා. ඒව හදන්න කොන්ත්‍රාත් භාර දීල තියෙනවා. දැනටමත් එවැනි දේ කරන්න පූර්ව සාකච්ඡා පවත්වා ඇති බව හෙළිදරව් වී තිබෙන බව අපට ආරංචියි” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය මෙහෙවයවන්නේ ව්‍යාපාරිකයන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව බවත් ජාතික ජනබලවේගය ෆේස්බුක්, ට්විටර්, යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය සඳහා නැඹුරුවක් දැක්වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව ඉදිරියේ දී ජනාධිපතිවරණ ප්‍රතිඵලය කණපිට පෙරළෙන ආකාරයේ අනුර කුමාර දිසානායක මහතා සිදු නොකළ ප්‍රකාශයක් ඔහුගේ රුවින් සහ හඬින් පැමිණීමට ඇති ඉඩකඩ පිළිබඳ සඳහන් කරමින් ඔහු පැවසුවේ ජාතික ජන බලවේගය මෙම අවධානම පිළිබඳ හැකිතාක් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවයි.

පසුගිය දා ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අනුර කුමාර දිසානායක මහතා වෙත සුභාශිංසනය සිදු කරන පණිවිඩයක් ද AI තාක්ෂණය යොදාගෙන සකස් කර ඇති ආකාරය ද දක්නට ලැබුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!