හිරු එකේ උදෑසන පත්තර කියවන එක්කෙනාට ටිල්වින්ගෙන් පණිවිඩයක්

ජාතික ජන බලවේගයේ නායකයන් ඉලක්ක කරගෙන ඇතැම් දේශපාලන පක්ෂ මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

තමන්ට අභියෝගයක් බව කල්පනා කරන ජාතික ජන බලවේගයේ නායකයින්ට මඩ ගැසීම සඳහා මුදල් ගෙවා කණ්ඩායම් නිර්මාණය කර ඇති අතරම විවිධ හේතුමත උපකාර කරන නාළිකා කිහිපයක් ද ඔවුන් විසින් ඒ සඳහා භාවිත කරන බව ටිල්වින් සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරගෙන අපහාස කිරීම් මඩ ගැසීම් බොහෝ ප්‍රමාණයක් ඇතැයි ඔහු පවසනවා.

එම මඩ ගැසීම් කිසිසේත් ප්‍රතිපත්තිමය කරුණුමත සිදු කරන විවේචනයන් නොව හුදු අපහාසය සඳහාම කරන බාල වර්ගයේ මඩගැසීම් බවයි ඔහු පවසන්නේ.

“මං දැක්ක මේ ළඟදි කවුරු හරි කියල තිබුණ අනුර සහෝදරයා යුරෝපෙට යන කොට ඩබල් පොකට් ෂර්ට් අඳින්නෙ ඩොලර් හම්බවුණාම දාගෙන එන්න කියලා. ඒ තරමට බංකොලොත් වෙලා.

එමෙන්ම සමගි ජන බලවේගයට සම්බන්ධ කණ්ඩායම් සුනිල් හඳුන්නෙත්ති ඉලක්ක කරගෙන මඩ ව්‍යාපාරයක් පවපවත්වා ගෙන යන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය දිනක හඳුන්නෙත්ති සහෝදරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ පුවතක් පදනම් කරගෙන ලේක් හවුස් පුවත්පතක් වන දිනමිණ පුවත්පත පළ කළ ලිපියක් හිරු නාළිකාවේ උදේ පත්තර කියන පුද්ගලයා විසින් විකෘති කර ප්‍රචාරය කිරීම එම වැඩපිළිවෙලේම එක් පියවරක් බව ද ඔහු පවසා සිටියා.

එම විකෘති කිරීමට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙහි දී අවධාරණය කළා.

ජාතික ජන බලවේගයේ ඊයේ (23)පැවති මාධ්‍ය හමුවක් අතරතුර ටිල්වින් සිල්වා මහතා කළ සම්පුර්ණ ප්‍රකාශය මෙතැනින්.

Latest News

More like this

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...
error: Content is protected !!