ලබන සතියේ රටපුරා කිරිබත් උයා රතිඤ්ඤා පත්තු කර විශාල සංදර්ශනයක් පැවැත්වීමේ සූදානමක්

එළඹෙන සතියේ ආණ්ඩු රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කෑමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසා තිබෙනවා.

මේ අනුව එළඹන 27 හෝ 28 දෙදිනෙන් එක් දිනෙක ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස් වූ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග මෙම සැමරුම් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු පවසන්නේ.

බංකොලොත්භාවයෙන් මිදීමත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලේ වැදගත් සාමාජිකයෙක් බවට පත්ව ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නට යන බවද එමෙන්ම තමන් ජනාධිපතිවරණයට තරග වදින බව ද ජනාධිපතිවරයා ඒ සමගම ප්‍රකාශ කරනු ඇතැයි ඔහු පවසනවා.

“රටක් බංකොලොත්ද නැද්ද යන්න තීරණය කරන්නේ රටේ මිනිස්සු නෙවෙයි.රටක් බංකොලොත් ද නැද්ද කියල කියන්නේ ජ්‍යාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් හරහා තමයි එය ප්‍රකාශ කරන්නේ.”

එබැවින් රටට බොරු ප්‍රකාශ නොකරන ලෙසත් ණය හිමියන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ශ්‍රී ලාංකික ජනතාවට ඉතාම අසුබවාදී බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...