චෝදනා කිරීමට පෙර අපෙන් අහන්න යුතුකමක් තිබුණා – කාදිනල් හිමි මෛත්‍රී ගැන දැඩි කළකිරීමකින්

පාස්කු ප්‍රහාරයෙන් පසු ලැබුණු මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කළ ප්‍රකාශය ද්වේශ සහගතව සිදු කළ ප්‍රකාශයක් බව අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් පවසනවා.

එම ප්‍රහාරයෙන් පසු උදව් අවශ්‍ය අය වෙත ලබාදීමට විවිධ සංවිධානය සහ ජ්‍යාත්‍යන්තර සහයෝගය විමසූ බවත් ඒ ඔස්සේ ලැබුණු මුදල් විනිවිදභාවයෙන් යුතුව බෙදා දී ඇති බවත් උන්වහන්සේ සඳහන් කරනවා.

සිය ඉල්ලීම් අනුව ලැබුණු මිලියන 500 ක් වන ආධාර මුදල්වලින් මිලියන 460ක් පමණ බෙදා දී ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.

එම දත්ත නිසි පරිදි තමා සතුව ඇති බවත් ඕනෑම අවස්ථාවක පරීක්ෂා කළ හැකි බවත් උන්වහන්සේ පවසනවා.

එබැවින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා කිසිවකුගෙන් පූර්ව විමසීමක් නොකර ද්වේශ සහගත ආකාරයෙන් කළ ප්‍රකාශයක් බවත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට පෙර අදාළ පාර්ශවයන්ගෙන් විමසා බැලීමේ අයිතියක් ඔහුට තිබුණු බව අගරදගුරුවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...