අදානිගේ සුළං බලාගාරය ගැන ඉන්දියාවේ බලාපොරොත්තු සුන් වේ – මහජන උපයෝගී කොමිෂන් සභාව අනුමැතිය දීම ප්‍රතික්ෂේප කරයි

මන්නාරම සහ පුනරින් මෙගාවොට් 484 සුළං බලාගාරය Adani Green Energy SLtd (AGESL) වෙත ප්‍රදානය කිරීමට අනුමැතිය ලබා දීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙනවා.

අවම පිරිවැය සහ තාක්ෂණික අනුකූලතාව තක්සේරු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය (CEB) ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් නොකිරීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා වෙත යොමු කළ ලිපියකින් පෙන්නුම් කරන්නේ විදුලිබල මණ්ඩලය සහ Adani Green Energy SLtd අතර සම්පූර්ණ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම (PPA) වැනි මූලික තොරතුරු පවා නොමැති බවයි.

ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ එම බලාගාර Adani Green Energy SLtd වෙත ප්‍රදානය කිරීමට ලංවිම,මහජන උපයෝගිතා කොමිෂමෙන් අවසර ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, PPA කෙටුම්පතේ කාලසටහන්, ඉන්දීය රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම (MoU) සහ පසුගිය වසරේ මාර්තු මාසයේදී කැබිනට් අනුමැතියෙන් පසුව එවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් අවසරය ඉදිරිපත් කිරීමට ද ලංවිම අපොහොසත් වී තිබෙනවා.

යෝජිත සුළං බලාගාරය සඳහා 2022 මාර්තු 7 වැනි දින කැබිනට් අනුමැතිය ලබා දී තිබූ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කළේ දින හතරකට පසුව මාර්තු 11 වැනිදාය.

කිලිනොච්චියේ සිට හබරණ දක්වා 400kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමේ ප්‍රසම්පාදන විස්තර සහ ඒ ආශ්‍රිත පිරිවැය ප්‍රතිසාධන යාන්ත්‍රණය ද අතුරුදහන් වී ඇති අතර මන්නාරමේ මෙගාවොට් 50 සුළං බලාගාරය සඳහා කැඳවූ ටෙන්ඩරය සඳහා ලැබී ඇති ලංසු වටිනාකම් පිළිබඳ තොරතුරු ද අස්ථානගතවී ඇතැයි අදාළ ලිපියේ දැක්වෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් නිකුත් කර ඇති පාරිසරික බලපෑම් තක්සේරුවේ (EIA) ප්‍රතිඵල සහ පාරිසරික බලපත්‍රයේ විස්තර පවා ඉදිරිපත් කර නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ ලිපියේ සඳහන් වෙනවා.

Latest News

More like this

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...
error: Content is protected !!