රාජ්‍ය සේවකයෙකුට විශ්‍රාම වැටුප සඳහා ‘පරම අයිතියක්’ නැහැ – සමස්ත රාජ්‍ය සේවයටම බලපාන අධිකරණ තීන්දුවක්

රාජ්‍ය සේවකයෙකුට කිසියම් විශ්‍රාම වැටුපක් හෝ දීමනාවක් සඳහා “පරම අයිතියක්” නොමැති බව තීරණය කරමින්, අභියාචනාධිකරණය (CA) මෙම කාරණය සම්බන්ධයෙන් පෙර තීරණයක් නැවත තහවුරු කර තිබෙනවා.

ඒ අනුව විශ්‍රාම වැටුපක් ලබා ගැනීම සඳහා පෙත්සම්කරුවන්ට අධිකරණ නියෝගයක් ඉල්ලා සිටිය නොහැකි බව නීතිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

විශ්‍රාම වැටුප් විෂමතා ගැටලුව විසඳන තුරු තම විශ්‍රාම වැටුප් වැඩිවීම අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමිකයින් පිරිසක් ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ.

සම්පත් විජේරත්න සහ අහ්සන් මරිකාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ගත් තීරණය පැහැදිලි කළේ පසුගිය නඩු තීන්දු කිහිපයක් උපුටා දක්වමින්.

එම් කේ බී හේරත් එදිරිව ජගත් ඩී ඩයස් සහ ගුණවර්ධන එදිරිව නීතිපති නඩු තීන්දු ඊට ඇතුළත් වුණා. අධිකරණයට රජයේ ප්‍රතිපත්තිවලට බලපෑම් කළ නොහැකි බවට ඉන්දීය අධිකරණ විසින් ලබාදුන් තීන්දු දෙකක් ද අධිකරණය විසින් මෙහි දී උපුටා දක්වනු ලැබුවා.

හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.තිලකරත්න, විශ්‍රාමික පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ මහින්ද ජයසිංහ ඇතුළු විශ්‍රාමිකයින් 94 දෙනෙකුගෙන් යුත් පෙත්සම්කරුවන් පිරිසක් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

වගඋත්තරකරුවන් සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ අමසර ගජධීර මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා ද අධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙම පෙත්සමේ දී වගඋත්තරකරුවන් විසින් තමන්ට හිමි නීත්‍යානුකූල අයිතියක් කඩ කර ඇති බව ඔප්පු කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බව තීන්දුවේ අවධාරණය කර තිබෙනවා.

සුනිල් වටගල මහතාගේ උපදෙස් මත චාමර නානායක්කාර මහතා සමඟ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!