රජයට මිලියන 65 ක අලාභයක් කර පිළිකාවට නුසුදුසු තවත් ඖෂධයක් ගෙන්නලා

රජයට රු මිලියන 65 ක අලාභයක් සිදු කරමින් නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් තොරව පිළිකා ඖෂධ විශේෂයක් මෙරටට ගෙන්වා ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසා තිබෙනවා.

වෛද්‍ය චමල් සංජීව මහතා පවසන ආකාරයට මේ බව හෙළිදරව් වී ඇත්තේ වෛද්‍ය සැපයුම් ඒකකය හා ඖෂධ නියාමන අධිකාරිය එක්ව සිදු කර ඇති ප්‍රශ්ණගත ඖෂධ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විගණන වාර්තාවෙනි.

පිළිකා ඖෂධ මාස 11 ක කාලයකට රට තුළ පවතිද්දී සාමාන්‍ය මිල මෙන් 250% ගුණයකින් වැඩිපුර ගෙවා රජයට මිලියන 65 ක අලාභයක් සිදු කර පිළිකා ඖෂධයක් ලෙස සඳහන් කළ නොහැකි මෙම ඖෂධය ගෙන්වීමට කටයුතු කර ඇති බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

නිසි ප්‍රසම්පාදන පටිපාටිවලින් බැහැරව ඖෂධ මෙරටට ගෙන්වා ඇති බවටත් එම ඖෂධ භාවිත කිරීමෙන් රෝගීන් විවිධ සංකූලතාවලට මුහුණ දුන් බව පසු ගිය කාලය පුරා වාර්තා වූ තත්ත්වයකි.

Latest News

error: Content is protected !!