ජෝෂප් ස්ටාර්ලින්, ජෝර්ජ් වොෂින්ටන්, මාවෝ සේතුං වැනි ලෝක නායකයින්ට පමණක් හිමි වූ ලොව ඉහළම ආරක්ෂක නිලය ෆොන්සේකාට

ලොව ආරක්ෂක අංශයන්ගේ ඉහළම නිලය ලෙස සැලකෙන ‘මාර්ෂල්’ තනතුර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

එම ආරංචි මාර්ගවලට අනුව තරු හයේ ජනරාල්වරයෙකුට පිරිනැමෙන මාර්ෂල් තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ෆොන්සේකා මහතා කළ ඉල්ලීමක් අනුවයි.

තිස්වසරක ත්‍රස්තවාදී යුද්ඩයේ දී ඒ මහතා කළ කැපවීම සලකා ඔහු මීට පෙර ෆීල්ඩ් මාර්ෂල් තනතුර දක්වා ඉහළට ඔසවා තැබූ අතර එම තනතුර ඔහු වෙත ප්‍රදානය කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්යෙන් යුත් යහපාලන ආණ්ඩුව විසිනි.

මෙවර ඔහුට ලබා දීමට නියමිත මාර්ෂල් තනතුර ලොව බලගතු රටවල ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නායකයින් වෙත පමණක් ලබා දුන් නිලයක් බව සඳහන්.

යුගොස්ලෝවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් කිටෝ,ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂෆ් ස්ටාර්ලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං ඇතුළු කිහිප දෙනෙක් ඒ අතර වෙනවා.

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...