මාළිමාවට රනිල් එක්ක ඩීල් එකක් නෑ – ටිල්වින් සැබෑම ඩීල්කරුවන් හෙළි කරයි

ජාතික ජන බලවේගයට (NPP) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ගණුදෙනුවක් ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර සැබෑ ගණුදෙනුව ඇත්තේ වික්‍රමසිංහ සහ රාජපක්ෂවරුන් සමඟ බව එම සන්ධානයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ එජාපය රනිල් වික්‍රමසිංහ සමඟ ඩීල් එකක් දමා ඇති බවට ඇතැම් කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි.

“රනිල් එක්ක ඩීල් දාලා අපිට බේරගන්න තියෙන්නේ මොකක්ද? පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ මාළිමාව දිනන නිසා. සමුපකාර මැතිවරණ කල් දාලා අපේ ගමන වළක්වන්න හදනවා. ඇත්ත ඩීල් එක තියෙන්නේ රාජපක්ෂලා හා වික්‍රමසිංහ අතරයි” ඔහු සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට සමගි ජන බලවේගයේ නායකයින් සාකච්ඡා කරමින් සිටින බව ද ප්‍රධාන ලේකම්වරයා කියා සිටියා.

“සමගි ජන බලවේගයේ නායකයන් රනිල් එක්ක යන්න සාකච්ඡා පවත්වනවා. රෑට රනිල් එක්ක, ඉදිරි දේශපාලනය ගැන සැලසුම් කරන ඔවුන් මාධ්‍ය ඉදිරියට ඇවිත් මාළිමාව රනිල් සමග ඩීල් ඇති බව කියනවා.”

සමගි ජන බලවේගයේ ප්‍රබල පුද්ගලයන් 19ක් පමණ දැනටමත් ජනාධිපතිවරයාගෙන් විමධ්‍යගත අරමුදලේ මුදල් ලබාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!