ෆොන්සේකාට එරෙහිව සජබ විනය ක්‍රියාමාර්ගය මේ සතියේ – රාජිත සජිත්ව වැඩිය විවේචනය නොකරන නිසා ගැලවෙයි

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මේ සතියේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබෙනවා.

මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ෆොන්සේකාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ සතියේ කැඳවන බවයි.

“පක්ෂයක් තරාතිරම නොබලා ප්‍රතිපත්ති අනුව කටයුතු කළ යුතුයි. ෆොන්සේකා විනයානුකූලව කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. පක්ෂයේ ඉන්නකම් පක්ෂ නායකයා එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. ඒ නිසා අපි ලෑස්ති වෙනවා ඔහුට විරුද්ධව පියවර ගන්න. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔහුට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ සතියේ තීරණය කරනවා” ඔහු ඔහු සඳහන් කර තිබෙනවා.

පසුගිය කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිතෛශී ප්‍රකාශ සිදු කළ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ගැන විමසූ විට සජබ මහලේකම්වරයා කියා සිටියේ ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු පියවරක් නොමැති බවයි.

“රාජිත ෆොන්සේකා වගේ සැර පරුෂ විදිහට සජබ නායකයාව විවේචනය කරන්නේ නැහැ” ඔහු වැඩිදුරටත් එසේ සඳහන් කර සිටියා.

Latest News

More like this

බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල්...

අරගලයට පින් දිදී.. රාජපක්ෂ පවුල රට බංකොලොත් කළ ආකාරය හෙළි කරන චන්ද්‍රිකා

වසර 2009-2014 කාලය තුළ රාජපක්ෂ පවුල ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලින්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...