මැතිවරණ කටේ රජයෙන් ව්‍යාපාරිකයන්ට කෝටි 2000 ක ණය මුදලක්

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින්ගේ බිඳ වැටී ඇති කර්මාන්ත, ව්‍යාපාර යළි නැංවීම සඳහා රුපියල් කෝටි 2,000ක දැවැන්ත ණය මුදලක් ලබාදීමට රජය නව ණය යෝජනා ක්‍රම හතරක් ආරම්භ කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු 16ක් හරහා මෙම යෝජනා ක්‍රම හතරෙන් දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉතා අඩු පොලී අනුපාත සහ සරල කොන්දේසි යටතේ මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා තිබෙනවා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (23) පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව Ceylon Federation Of MSME සංවිධානය කළ ව්‍යවසායක ප්‍රජා සම්මන්ත්‍රණය අවස්ථාවේ දී කර්මාන්ත ඇමැතිවරයා මේ බව සඳහන් කළා.

මෙම යෝජනා ක්‍රම යටතේ සේවකයන් දෙසීයකට අඩු පිරිසක් සේවය කරන නිෂ්පාදන, කර්මාන්ත ව්‍යවසායකයට සහ කර්මාන්තයකට පළමු ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 150ක උපරිම ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ සඳහා අය කරන පොලිය සියයට හතක් පමණ වෙනවා. වසර දහයකින් ණය මුදල ආපසු ගෙවීමට හැකියාව ලැබෙන අතර ණය මුදල් ගෙවීම ආරම්භ කිරීම සඳහා වසරක සහන කාලයක් ලැබෙයි.

දැනට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනය (Black List) නම තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පවා රුපියල් ලක්ෂ පනහක උපරිමයක ණයක් ලබා ගැනීමේ හැකියාව ද මීට ඇතුළත් වෙනවා.

එමෙන්ම පරිසර හිතකාමී ව්‍යාපෘති ආරම්භ කිරීමට රුපියල් මිලියන 30ක මුදලක් ලබා
දීමට ද මෙමඟින් තීරණය කර තිබෙනවා. කුඩා ව්‍යාපාර සංවර්ධනයට ද රුපියල් ලක්ෂ දහයක ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ණය මුදල් ලබා ගැනීමේ දී කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගැනීමට අවශ්‍ය නම් ඒවා සතියේ වැඩකරන දින පහක් තුළ ලබාදීමට සූදානම් බව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...
error: Content is protected !!