රුපියල් කෝටියක් වටින බව පවසමින් ව්‍යාජ මැණික් ගලක් විකුණන්න හැදූ දෙන්නෙක් කොටු වේ

රුපියල් කෝටියක වටිනාකමකින් යුත් මැණික් ගලක් බව අගවමින් ආණමඩුව නගරයේ ව්‍යාපාරිකයකුට ව්‍යාජ පාෂාණයක් අලෙවි කිරීමට සුදානම් වු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසනවා.

ආණමඩුව පරමාකන්ද ගම්මානයෙ පදිංචි අවුරුදු 34 හා 38 හැවිරිදි විවිධ ජාවාරම් වලට සම්බන්ධ බව සැකකරන දෙදෙනෙකු මෙලෙස අත් අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා විසින් මීට පෙරද මෙම ව්‍යාපාරිකයාට පසුගිය අප්‍රේල් මාසයේ දී ද මෙලෙසම මැණීක් ගල් තොගයක් පෙන්වමින් එය මිළදි ගැනිමට ආණමඩුව නගරයට පැමිණ සිටියදී ඔහු සතුව තිබු රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් රැගෙන පලා ගොස් ඇති බව සඳහන්.

එම සිද්දිය සම්බන්ධයෙන් පොලිසියට කිසිදු පැමිණිල්ලක් කර නොතිබු පසුබිමක නැවත වෙනත් දුරකථන අංකයකින් නිධානයකින් ගොඩ ගත් බව පවසා ඇතැයි පොලිසිය පවසනවා.

මිළදි ගැනිමට අවශ්‍යම නම් මුදල්ද රැගෙන එන්නැයි අදාළ පුද්ගලයින් දෙදෙනා ව්‍යාපාරිකයට පවසා ඇත්තේ ඉන් අනතුරුවයි.

පෙර සිදුවීම හේතුවෙන් මතු වූ සැකයක් අනුව මෙම ව්‍යාපාරිකයා ආණමඩුව සහකාර පොලිස් අධීකාරිවරයා දැනුවත් කර මෙම වැටලීම සිදු කළ බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Latest News

More like this

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...
error: Content is protected !!