කුරුළු උණ නිසා සත්ව නිෂ්පාදන ආනයනයට සීමා

රටවල් රැසක කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් සත්ත්ව නිෂ්පාදන ආනයනය සීමා කර තිබෙනවා.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පැවසුවේ, කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බවයි.

මේ වන විට අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක කුරුළු උණ රෝගය උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!