ජනාධිපතිවරණ අපේක්ෂයකුගේ රු කෝටි 25 කට වේයෝ විදලා

ඉකුත් ජනාධිපතිවරණය ක දී ප්‍රධාන අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වුණු පුද්ගලයෙකුගේ ඇමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් බැංකුවක තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට අධික මෙම මුදල් තොගය ජනාධිපතිවරණයේදී විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු බව සඳහන් කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා දාමයකින් පසුව ඔහුට මෙම මුදල් හිමිව තිබුණා.

විනාශ වූ ඩොලර් නෝට්ටු තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු මෙම අපේක්ෂකයාගේ ඉල්ලීමට මෑතකදී නිකුත් කර ඇති බවද සඳහන්.

ඒ සඳහා එක්තරා ප්‍රබල පුද්ගලයකු මැදිහත්වීමක් සිදුකර ඇති බව ද සඳහන් වෙනවා.

ඒ අනුව එම මුදල් නැවත ලබා ගැනීමට පරීක්ෂා කර ඇති අතර එහිදී එම නෝට්ටු විනාශ වී ඇති බව දැනගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

Latest News

error: Content is protected !!