මහජන සහ ලංකා බැංකුවලින් රජයට ණය ගැනීම අත්හිටුවයි

ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් ණයට ගැනීම මහා භාණ්ඩාගාරය විසින් අත්හිටුවා තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසන ආකාරයට මෙම තත්ත්වය වර්ධනය කරගෙන ඇත්තේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම හා රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළිනි.

අභියෝග රැසක් මැද 2023 වසරේදී මහා භාණ්ඩාගාරය විසින් මෙම තත්ත්වය ළඟා කරගෙන ඇතැයි පැවසූ ඔහු එය මෙරට ආර්ථිකයේ විශේෂ ජයග්‍රහණයක් බව පවසනවා.

අද වන විට ආර්ථිකය යම් ප්‍රගතියක් කරා ගමන් කරමින් සිටින බවත් දිගු කලක් රට තුළ පැවති මුල්‍ය විනය නරක ස්වභාවය මේ වන විට යම් තරමකට පහව ගොස් ඇති බවද ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක...

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...