රට බංකොලොත් බවින් මුදාගත් බව රටට කියන්න රජය සෑහෙන්න ලොකු මුදලක් නාස්ති කරයි

අද රට පුරා ප්‍රදේශ රැසක ප්‍රධාන නගරයන් ආශ්‍රිතව ‘ආරංචිය සුබයි’ යනුවෙන් සඳහන් කළ ප‍්‍රචාරක දැන්වීමක් අලවා තිබුණු අයුරු දක්නට ලැබුණා.

“ආරංචිය සුබයි” යන මෙම පණිවිඩය සටහන් කර තිබුණේ ජාතික කොඩිය සහ වර්ණ සහිත පසුබිමකයි.

ඊට අමතරව ජාතික පුවත්පත් රැසක මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ සඳහා විශාල ප්‍රචාරයක් දී ඇති ආකාරය දැකගත හැකි වුණා.

ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශයක් හේතුවෙන් මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!