ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරය පන්නයේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් – රුසියාව සසල වේ

රුසියාවේ ඩැගෙස්තානයේ උතුරු කොකේසස් ප්‍රදේශයේ පල්ලි ඇතුළු ආගමික ස්ථාන කිහිපයක් සහ පොලිස් මුරපොලකට ඊයේ දිනයේ (ජුනි 23) ප්‍රහාරයක් එල්ල වූ අතර,පොලිස් නිලධාරීන් සහ පූජකයෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම පිරිස අතර පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සිවිල් වැසියන් කිහිප දෙනෙකු මෙන්ම පූජකයෙක් ද ඇතුළත් වෙනවා.

මාධ්‍ය වාර්තා පවසන ආකාරයට ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ද මියගොස් ඇතැයි සඳහන්.

මුහුණු ආවරණය කරගත් තුවක්කු කරුවන් විසින් මෙම සිද්ධස්ථානවලට වෙඩි තබන අයුරු සමාජ මාධ්‍යවල පැතිර ගිය වීඩියෝ පටවල දැක්වුණා.

මෙම ප්‍රහාරය එල්ල වුණේ රුසියානු ඕතඩොක්ස් පල්ලියේ ආගමික උත්සවයක් අතරතුරයි.

ඩර්බන්ට් සහ මකච්කාලා නගරවල සිදු වූ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.

මෙම ප්‍රහාරය එල්ල කළේ රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වන මොස්කව් අසල ප්‍රසංග ශාලාවකට IS විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 145 දෙනෙකු මිය ගොස් මාස තුනකට පසුවයි.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...