පියුමි හංසමාලි ගැන විතරක් නෙවෙයි මට චන්දිමාල්, මංජු නිශ්ශංක ගැනත් සැකයි – මං ජනාධිපති වුණොත් පියුමිවත් පිස්සු බල්ලෙක් වගේ ඉවර කරලා දානවා

මෑත ඉතිහාසයේ එකවර ධනවත් වූ අයෙකුට සිටින්නේ පියුමි හංසමාලි පමණක් නොවන බවත් ඇයගේ සමීපතමයකු වන චන්දිමාල් ජයසිංහගේ සිට ක්ලබ් වසන්ත දක්වා බොහෝ දෙනෙකු එකවර ධනවතුන් වූ අය බව අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා පවසනවා.

විවිධ ව්‍යාපාරයන්හි නිරත ඉෂාර නානායක්කාර, හැරී ජයවර්ධන හෝ ධම්මික පෙරේරා වැනි ව්‍යාපාරිකයන් පවා මුදල් ඉපයූ ආකාරය දෙස බැලීමේ දී අසාමාන්‍ය තත්ත්වයක් පවතින බව ඔහු සඳහන් කර තිබෙනවා.

එපමණක් නොව බස් එකේ කෝච්චියේ පාර්ලිමේන්තුවට ආව ඇතැම් ඇමතිවරු පවා මේ වන විට V8 හිමියන් බවයි ඔහු පවසන්නේ.

පියුමි හංසමාලි පිටුපස සිටින දේශපාලන හස්තය හෝ ඇයට මුදල් ලබා දෙන පුද්ගලයින් පිළිබඳ සඳහනක දී ඔහු මෙසේ සඳහන් කළා.

“පියුමිට මුදල් දෙන්නේ චන්දිමාල් වෙන්න පුළුවන්. චන්දිමාල් කියන්නේ අපි දන්න විදියට වේෂ නිරූපන ශිල්පියෙක්. ඔහුගේ බර්ත් ඩේ පාර්ටි දැක්කම අපට අනුමාන කරන්න පුළුවන්. මනුස්සයෙක්ට මිලියන ගාණක් වියදම් කරලා අවුරුද්දකට සැරයක් බර්ත්ඩේ පාර්ටියක් ගන්න පුළුවන් කියන්නේ හොඳට හම්බ කරනව ඇති. අරගලයෙන් පස්සේ සමහර කණ්ඩායම් අහසින් වැටිල වගේ දේශපාලනය කරනවා මංජු නිශ්ශංකලා වගේ කට්ටිය. ඒ සල්ලි කොහෙන්ද කියලත් හොයන්න එපැයි. මංජු නිශ්ශංක මේ වන විට විශාල වශයෙන් මුදල් වියදම් කරමින් දේශපාලනය කරනවා අපට පේනවා. ඒගොල්ලන්ටත් ඒ සල්ලි කොහෙන්ද කියලා හොයන්න ඕන. පියුමි හංසමාලි ගැන තියෙන ප්‍රශ්ණාර්ථයම මංජු නිශ්ශංක ගැනත් තියෙනවා.”

කිසිවකුට වසර දෙක තුනක් ඇතුළත් ඒ ආකාරයෙන් ධනවත් වීමේ හැකියාවක් නැති බවත් පියුමි හංසමාලි ගැන සැකය තමාට මුලින් ඇති වුණේ ත්‍රීවිල් වලින් ගමන් ගත් ඇය BMW එකක් ගත්ත වෙලාවේ යැයි ද සඳහන් කළා.

යූ ටියුබ් නාළිකාවකට එක් වෙමින් ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබෙනවා.

යම් කිසි හෙයකින් පියුමි හංසමාලි මේ රටට කුඩු ගේන එක්කෙනෙක් කියලා තහවුරු වුණොත් පිස්සො බල්ලො ගාණට දාල එයාවත් ඉවර කරලා දාන්න ඕන. කුඩු ගේන අනිත් අයට කරන දේම තමයි පියුමි හංසමාලිටත් මං කරන්නේ. කුඩු ගේන ඕන එක්කෙනෙක්ට එච්චරයි. කුඩු ව්‍යාපාරය නවත්වන්න බැරි නම් නීතියෙන් ඔවුන් නිදහස් වෙනවා නම් වෙන මොකක්ද කරන්නේ? පියුමිටත් අපි දැකලා තියෙනවනේ ළමයෙක් ඉන්නවා. ඇය කුඩු විකුණනවා නම් ඒ වගේ තිරිසනුන්ට මේ ලෝකේ ඉන්න දෙන්න අවශ්‍යතාවයක් නැහැ”

ඕෂල හේරත් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින අතර ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය තුරන් කිරීම පිළිබඳ සඳහන් කරමින් කුඩු ගෙන්වන පිරිස් පිස්සු බල්ලන් සේ සලකා අහවර කළ යුතු බව මීට පෙර සඳහන් කර තිබුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!