චන්න ජයසුමනට නාථ දෙවියන් සිහි වෙන්නම නලින්ද කියයි

වසර ගණනාවක් තිස්සේ වකුගඩු රෝගය දඩමීමා කරගෙන දේශපාලනය කරන පිරිසක් සිටින බවත් චන්න ජයසුමන යනු එම කණ්ඩායමෙන් එක් අයෙකු බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එක් කාල සීමාවක චන්න ජයසුමන ඇතුළු කණ්ඩායමක් වකුගඩු රෝගයට හේතුව ආසනික් බව පැවසූ අතර එය ඔවුන්ට පැවසුවේ නාථ දෙවියන් යැයි ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම කණ්ඩායම වකුගඩු රෝගය සම්බන්ධ පර්යේෂණවලට හා එක් වී එයට විසඳුමක් සෙවීමට එරෙහිව දිගින් දිගටම බාධා සිදු කළ කණ්ඩායමක් ලෙසයි ප්‍රකට වී සිටින්නේ.

එවැනි පසුබිමක දෙහි අත්තකණ්ඩිය ගොවි සමුළුව අතරතුර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ රජයක නිසි පර්යේෂණ සිදු කර වකුගඩු රෝගයට ස්ථිරසාර විසඳුමක් ලබාදෙන බවට කළ ප්‍රකාශය චන්න ජයසුමන විසින් විවේචනය කිරීම පුදුමයක් නොවන බව ජයතිස්ස මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අතරතුර විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි.

චන්න ජයසුමන පාර්ලිමේන්තුවට වරම් ලබා ගත්තේ ද වකුගඩු රෝගය විකුණා බව නලින්ද ජයතිස්ස මහතා මෙහි දී වැවැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය දා ඔහු වකුගඩු රෝගය ස්ථිර ලෙසම නැති කිරීමේ ක්‍රම ගවේෂණය කරන බවට අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් විවේචනය කරමින් වකුගඩු රෝගය පිළිබඳ තවත් පර්යේෂණ අවශ්‍ය නොවන බවත් සියලු පර්යේෂණ සිදු කර එම රෝගයට හේතු මේ වන විට හොයාගෙන ඇති බව ප්‍රකාශ කරනු ලැබුවා.

Latest News

More like this

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...
error: Content is protected !!