පාලකයාත් මහජනයාත් අතර සමාජ එකඟතාවයක් (Social Contract) පවතින ජනතාවාදී පාලනයක් ජාතික ජන බලවේගයේ රජයක අපේක්ෂාව බව එම සන්ධානයේ විධායක සභික හරිනි අමරසූරිය පවසනවා.
ජාතික ජන බලවේගයේ රජයක එම එකඟතාව ක්‍රියාත්මක වන බවට ජනතා විශ්වාසය මේ වන විට ජනතාව අතර ගොඩනැගී ඇතැයි ඇය පවසා තිබෙනවා.
” වෙන රටක නම් තමන්ගේ මහජන නියෝජිතයා තමන්ගේ දරුවගේ ස්කෝලෙ හමුවෙන එක සාමාන්‍යයි. පොදු ප්‍රවාහනයේ යනකොට සමහරවිට අගමැති කෙනෙක් ඉන්න පුළුවන්. ඇමති කෙනෙක් ඉන්න පුළුවන්. එම රටවල ලොකු පරතරයක් නෑ මහජන නියෝජිතයා හා ජනතාව අතර. ඔබේ දරුවා යන පාසලට ද ඔබේ මහජන නියෝජිතයාගේ දරුවා යන්නෙ. ඔබ පාවිච්චි කරන පොදු ප්‍රවාහනයෙ යනවද ඔබේ නියෝජිතයා. ඔබ අසනීප වෙලා බේත් ගන්න ගියාම පෝළිමේ ඉඳීද ඔබේ දේශපාලනඥයා”
එය දේශපාලන භාවිතය හා සංස්කෘතියෙන් වෙනස් කරනවා වගේම නීතිය තුළින් ද මෙවැනි දේශපාලන වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවය පවතින අතරම ජාතික ජන බලවේගයේ රජයක අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නේ ද ඒ වෙනුවෙනි.
හරිනි අමරසූරියගේ සම්පූර්ණ කතාව මෙතැනින්.