ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි චෝදනා ඔප්පු කළොහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා – හරින් ප්‍රනාන්දු

2024 T 20 ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විවිධ ප්‍රචාරකරමින් ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය බිඳ දැමීමට සමහර කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළා.

“මෙවර T20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විනය විරෝධී කටයුත්තක් සිදු කළා කියා ඇතැමුන් චෝදනා කරනවා. එම චෝදනා ඔප්පු කළහොත් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට මා සූදානම්. මේ වන විට ක්‍රීඩාව දේශපාලනයෙන් මුදවා ගැනීමට කටයුතු කර තිබෙනවා. නව ක්‍රීඩා පනත හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටවත් කිසිඳු ක්‍රීඩා සංගමයක නිලයක් දැරීමට හැකියාවක් නැහැ. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් සිදු කරන කාර්යයක්. ඒ නිසා එම කටයුත්තට අප කිසිඳු මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මුදල් ලබාගෙන දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකියාව තිබෙන තවත් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමටද බලාපොරොත්තු වෙනවා. ලෝක කුසලානයක් වැනි තරගාවලියක් එක රටක පැවැත්වීමට නම් දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 05ක් වත් එම රට තුළ තිබිය යුතුයි. තව එක් ක්‍රීඩාංගණයක් ඉදිකර ගැනීම තුළින් එම අවශ්‍යතාවය මෙරට තුළ සම්පූර්ණ වෙනවා. මේ සමඟ 2026 ක්‍රිකට් ලෝක කුසලානයේ තනි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”

මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සඳහා විශාල වැය බරක් දැරීමට රජය කටයුතු කර ඇති බවත් එහිදී ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් සපුරා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60ක් තෝරාගෙන ඔවුන්ට මසකට රුපියල් 50,000 බැගින් තවත් තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 850ක් සඳහා මාසයකට රුපියල් 10,000බැගින් වන දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ” ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...